
Product Availability: In stock
නව මුද්‍රණය ගැන
එගර්ටන් බැප්ටිස් මහතා ගැන අමුතුවෙන් හඳුන්වා දීම අවශ්‍ය නැත. ඒ මහතා විසින් බුදුදහම සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ලියන ලද පොත් පාඨකයින් අතර ඉතා ජනප්‍රිය ය. බැප්ටිස් මහතාගේ ඉංග්‍රීසි පොත් අතුරෙන් කාලීන වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති පොත් සිංහල පාඨකයින් අතට පත් කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි හැඟී ගිය හෙයින් පුනර්භවය හා සම්බන්ධව ඒ මහතා විසින් ලියා ඇති,"Thirty one planes of existence" යන පොත මෙලෙස පරිවර්තනය කොට පළ කිරීමට අපේක්ෂා කෙළෙමි. මෙම පොත ඉතා සරලවත් නිවැරදිවත් සිංහලට පරිවර්තනය කරදීම ගැන පියසීලි ජයසිංහ මහත්මියට ස්තූතිවන්ත වෙමි. මෙම පොත මනාව මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් බි. සී. සී. ආයතනයේ කාර්ය මණ්ඩලයට ද මගේ ස්තූතිය හිමි වේ. ං
කිරම විමලජෝති සථවිර
අධ්‍යක්ෂක
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,