
Product Availability: Out of stock
ආනාපානසති භාවනාව - භාග්‍යවතුන් වහන්සේ විසින් අනාපානසති සමාධිය පිළිබඳව දේශිත සූත්‍ර බොහෝ ගණනක් ත්‍රිපිටකය තුළ දැකිය හැකි අතර ආනාපාන සති භාවනාව වැඩිය යුතු ආකාරය සවිස්තරව දක්වා ඇත්තේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගයෙහි මහාවග්ගයෙහි එන ආනාපානසතිකථා කොටසේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ආනාපානසති භාවනාව පිළිබඳව තථාගතයන් වහන්සේට පමණක් දෙවැනි වූ ශ්‍රාවක ප්රඥ්ඥාවෙහි අගතැන්පත් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් අටුවාවක් වැනි ලෙස වචනවල අර්ථ සහිතව දේශනා කළ අංගසම්පුර්ණ දේශනාවක් වීමයි.
ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගෙන ආ මහා සංඝරත්නය විසින් ධර්මය පවත්වා ගෙන යාමේ පහසුව පිණිස සංක්ෂිප්ත කරන ලද කොටස් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවෙන් උපුටා ගන්නා ලද අතර එහි සඳහන් වචනයකුදු වෙනස් නොකර සංක්ෂිප්ත කරන ලද තැන් පමණක් සම්පූර්ණ කර තේරුම් ගැනීමේ පහසුව සඳහා සිංහල පරිවර්තනය බෙදා කොටස්කර දක්වා ඇත.
මෙහි දහසය (16) ආකාරයකින් ආනාපානසති භාවනාව වැඩිය යුතු ආකාරය විස්තරවන අතර භාවනාව වැඞීමේදී උපදින ඥානයෝ දෙසීය (200) ආර්යයන්ට උපදින විමුක්තිසුඛ සම්ප්රයුක්තඥානයෝ විසිඑක (21) රූපාවචර ධ්‍යාන සතර (4) අරූපාවචර ධ්‍යාන සතර (4) අනිච්චානුපස්සනාදී අටළොස් මහා විදර්ශනාවෝ (18) සහ ලෝකෝත්තර මාර්ගයෝ සතර (4) පිළිබඳව මෙහි විස්තර වේ.
Publisher : Buddhist Cultural Center
Pages : 468
Language : Sinhala
ISBN : 978-955-663-574-4
Shipping Weight : 720 g
Binding : Hard Binding