0
Rs. 0.00
 x 

Cart empty
Back41
Contens6
Bhavanave Parama Mihira

Product Availability: In stock

අලුතින්ම භාචනාවට එළඹෙන කවර තැනැත්තකුට වුවත්‌ මේ පොත අත්පොතක්‌ ලෙස භාවිත කළ හැකිය Read More
Rs. 390.00
Quantity

පෙරවදන

මෙය බෞද්ධ භාවනාව පිළිබඳ මූලික කරුණු ඇතුළත්‌ අත්පොතකි. තිපිටකයේ සූත්‍රගත ධර්මයත්‌, නවීන බටහිර විද්‍යාත්මක පර්යේෂණත්‌ ඇසුරු කරගෙන පහසුවෙන්‌ වටහාගත හැකි ආකාරයේ භාවනා අත්පොතක්‌ සැකසීම අපගේ අරමුණ විය. කුඩා කල සිටම භාවනාව කෙරෙහි අප තුළ වූයේ මහත්‌ උනන්දුවකි. පාසල්‌ වියේදී එවකට ශ්‍රී ලංකාවේ වැඩ විසූ ජාත්‍යන්තර කීර්තිධර මහා සංඝ පිතෘන්‌ වහන්සේ නමක වූ අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛක්‍රෙය මහනාහිමියන්‌ වෙතින්‌ භාවනාව ප්‍රගුණකිරිමට ලැබීම අපගේ භාග්‍යයකි. ඉන්පසු විවිධ භාවනා ආරණ්‍ය සේනාසනවල කම්මට්ඨානාචාර්යවරුන්‌ හා සාකච්ඡා කරමින්‌ ද, සූත්‍රගත ධර්මය තනිව හදාරමින්‌ ද, බටහිර වියතුන්ගේ කෘති පරිශීලනය කරමින්‌ ද ලද අවබෝධය මේ කෘතිය ලිවීමේලා පදනම විය. භාවනාවට ඇලුම්‌ කරන, අලුතින්ම භාචනාවට එළඹෙන කවර තැනැත්තකුට වුවත්‌ මේ පොත අත්පොතක්‌ ලෙස භාවිත කළ හැකිය. මේ කෘතියේ පරිගණක අක්ෂර සංයෝජනය කළ නිශාන්ත පරණගම, පිටකවර නිර්මාණය කළ පුෂ්පානන්ද ඒකනායක මගේ හැමපොතම පාහේ මුද්‍රණය කරදෙන මරදාන එස්‌ ඇන්ඩ්‌ එස්‌ ප්‍රින්ටර්ස්‌ අධිපති සමන්‌ වීරතුංග යන හිතවතුන්‌ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත්‌ කරමි.


සමුද්‍ර වෙත්තසිංහ


0772248173

2020,05.09

සිරිසීලවිමල මාවත,

අම්පිටිගල,



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 223.0000 g
Product Length 21
Product Width 14
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com