
Product Availability: In stock
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
ආචාර්ය මන් තෙරුන් වහන්සේගේ ජීවිත කතාව වූ කලී නූතන යුගයේ පරිසමාප්ත ආධ්‍යාත්මික යෝගාවචරයෙකුගේ විචිත‍්‍ර රූපණයක් වෙයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විමුක්ති මාර්ගය කෙතරම් පරිපූර්ණ ලෙස අනුගමනය කළාහුද යන්න, තම අනුගාමිකයන් උන්වහන්සේ මාර්ගඵල ලැබූ බුද්ධ ශ‍්‍රාවකයකු ලෙස සලකනු ලැබීමෙන් පැහැදිලි වේ. මෙම ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් එය වඩාත් තහවුරු වනු ඇත.
Publisher: Buddhist Cultural Centre
Pages: 402
Language: Sinhala
ISBN:978-955-663-553-9
Shipping Weight: 620 g
Binding: Soft Binding