
Product Availability: In stock
මිනිස් ජීවිතයේ වටිනාකම සහ ඔහුත් ඇයත් හිංසනයට පත්වෙන
ආකාරය, හිංසනයට පත්වීමට හේතුව, අන්කිසිවක්ම නොව සිතේ
පහළවෙන හැඟීම් මුලාවේ ඈඇලෙමින් ගැටෙමින් තමාතුළ සිදුවන
සත්‍යය නොදැකීමමයි. ඔහු හෝ ඇය හිංසනයට භාජනයවීිම
වැළැක්වීම සඳහා ගතයුතු පැහැඳිලි ක්‍රියාපිළිවෙල තම තමන් තුළ 'මම'
හඳුනාගැනීමයි. 'මම' කියන කෙනා පිළිබඳව පැහැදිලි අවබෝධයක්
ලැබෙන විට මමත්වය නැති වී මනුෂ්‍යත්වයට පත්වීම සහ සත්‍යය
පැහැදිලිවීමෙන් තමා තුළම පරිවර්තනයක් සිදුවීමද ඒ අනුව හොඳ
නරක තෝරා බේරා ගතහැකි අයකු බවට පත්වීම සහ තමනමන්
තුළ ස්වයංවිනයක් ස්වයංපාලනයක් ඇතිවීම, සිතේ කුණු ඉවතවීම
නිසා මුලාවේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙමින් ඒ වෙනුවට
බුද්ධිය, ප්‍රඥාව, නුවණ ක්‍රම ක්‍රමයෙන් පහළවීම සහ සිතේ සැනසීම,
සතුට උදාවී, පීඩනය ඉවත්වී තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් නැතිව,
ඉතා අවංකව, සාධාරණ ගනුදෙනු ඇතිව රහසින්වත් පවි නොකර
ජීවත්වන්නන් බවට පත්වීමට මේ පොත ප්‍රයොජනවත් වේවි. ඒ අනුව,
ඉගෙනගන්නා වයසේ පටන් තරුණ, වැඩිහිටි, වයොචවෘද්ධ ස්ත්‍රී පුරුෂ
සෑම කෙනෙකුගේ ජීවිතයට ගුණධම ඇතිකර ගෙන ගීලාචාර සහ
සාරධර්මවලින් පිරි සංස්කෘතික මිනිසා බිහිකරලීමේ මහඟු කාර්යයට
අත්වැළක් වෙතැයි විශ්වාස කරමි.
Publisher: Buddhist Cultural Centre
Pages: 62
ISBN: 978-955-663-642-0
ISBN: 9789556636420