0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
No image set
No image set
No image set
No image set
No image set
No image set
No image set
No image set
No image set
No image set
No image set
Sanyuththa Nikaya Teekava - Sagatha Wagga

Product Availability: In stock

තුන්‌ පිටකයේ සූත්‍ර පිටකයට අයත්‌ "නිකාය" අතුරින්‌ "සංයුත්ත නිකාය” තුන්වැන්නයි. මෙම සංයුත්තනිකාය සඳහා "සාරත්ථප්පකාසිනී” නමින්‌ Read More
$10.28
Quantity

සංඥාපනයි

 තුන්‌ පිටකයේ සූත්‍ර පිටකයට අයත්‌ "නිකාය" අතුරින්‌ "සංයුත්ත නිකාය” තුන්වැන්නයි. මෙම සංයුත්තනිකාය සඳහා "සාරත්ථප්පකාසිනී” නමින්‌ භදන්තාචරිය බුද්ධඝෝෂ මහා සාමීන්‌ විසින්‌ අට්ඨකථාව ලියන ලද්දේ අනුරාධ පුර යුගයේය. එම අටුවාව සඳහා ” ලීනත්ථප්පකාසිනී” නමින්‌ ටීකාව ලියා ඇත්තේ පොළොන්නරුයුගයේ දී ය. මේ යුගයේ ටීකාචාර්යවරුන්‌ වසයෙන්‌ දිඹුලාගල මහාකශ්‍යප. සාරිපුත්ත. මොග්ගල්ලාන මාහිවරු ප්‍රමුඛස්ථානයේ වැජඹෙති. ටීකාචාර්ය සාරිපුත්ත හිමියන්ගේ ශිෂ්‍යයන්‌ අතරින්‌ සංඝරක්ඛිත, බුද්ධනාග, වාචිස්සර, සුමංගල, ඡපද නැතහොත්‌ සද්ධම්ම ජෝතිපාල ධම්මකිත්ති බුද්ධ රක්ඛිත හා මේධංකර හිමිවරු ටීකා රචනා කාර්යයෙහිලා බෙහෙවින්‌ උඵස්ථම්භක වූහ. සංයුත්තනිකාය ටීකාවේ කතුවරයා කවරෙක්දුයි නිශ්චිතව කිසි තැනක සඳහන්ව නැත. සංයුත්තනිකාය වර්ග පහකින්‌ යුක්තය.

ඝගාථ වර්ගයේ සංයුක්ත එකොළහක්‌ තුළ වර්ග තිස්‌ අටක්‌ ද
නිදාන වර්ගයේ සංයුක්ත නවයක්‌ තුළ වර්ග තිස්‌ නවයක්‌ ද
සළායතන වර්ගයේ සංයුක්ත නවයක්‌ තුළ වර්ග තිස්‌ අටක්‌ ද
මහා වර්ගයේ සංයුක්ත දොළසක්‌ තුළ වර්ග හතලිස්‌ අටක්‌ ද

 එකට ගොණු කොට ඇත. සංයුක්ත යනු එකට ගොනු කිර්ීමයි. සකස්කිරීමයි. එම වර්ගයන්ගෙන්‌ සගාථ වර්ග ටීකාවේ සිංහල පරිවර්තනය මෙසේ ඔබ හමුවට පැමිණේ. මෙම ටීකාවේ ග්‍රන්ථාරම්භ කථාවේ. ටීකා ලිචීමේ, කියවීමේ, පරිහරණය කිරීමේ ආනිසංස කීපයක්‌ දක්නට ලැබේ. සද්ධාච්භ ගුණස්ස. ශ්‍රද්ධා ගුණය වර්ධනය, පරවාද මථනස්ස. පර වාද මථනය, ධම්මකථික පුංගවස්ස, ධර්මකථිකයන්‌ පුහුණු කිරීම, සංවර්ධනය කිරිම, විචිත්ත පටිභාන ජනනසස, විචිත්‍ර ප්‍රතිභා සම්පන්තීන්‌ ජනනය කිරිම, තස්ස ගම්භීරඤාණෙහි ණඞ්ගාල්හසීස, සද්ධර්මය නමැති ගැඹුරු නුවණ නිවැරදිව වර්ධනය කිරීම, සද්ධර්ම සාගරයට බැසීම, නානානය චිත්තස්ස අභිධම්මස්ස, විවිධ සිත්‌ සතන්‌ සිතුම්‌ පැතුම්‌ දුනීම වර්ධනය. ටීකා පරිහරණයේ ආනිසංසයෝ වෙත්‌. සංයුත්තනිකාය බණවර සියයකින්‌ සමන්චිත කෘතියක්‌ යයි සුමංගල විලාසිනී දිඝනිකාය අටුවාවේ සඳහන්ව ඇත. සංයුත්තනිකාය සූත්‍ර හත්දහස්‌ හත්සිය හැට දෙකකින්‌ සමන්විත කෘතියක්‌ බව තවත්‌ තැනක දෘක්වේ. එසේ සඳහන්‌ වුවද දූනට පවත්නා සංයුක්තනිකායේ කිසිම සංස්කරණයක මේ ප්‍රමාණය දක්නට නැත. පළමුවන සංගායනාවේ දී සංයුත්තනිකාය රැකීමේ පවත්වාගෙනයාමේ වගකීම පැවරුණෙ මහා කාශාප මහරහතන්‌ වහන්සේගේ

ශිෂ්‍ය පරම්පරාවටය. ඒ බව සුමංගල විලාසිනී අටුවාවේ සඳහන්‌. එසේ මුඛ පරම්පරාවෙන්‌ එය පවත්වාගෙන ආ භිෂ්‍ය නුශිෂ්‍ය පරපුර සංයුත්ත භාණක නමින්‌ හැඳින්විණි. යංයුත්තනිකායේ සගාථ වර්ගය විශේෂයෙන්‌ ගාථා සහිත වර්ගයකි. මේ ගාථා වලින්‌ විවිධ තොරතුරු විස්තර උගත හැකිය. බුදුහාමුදුරුවන්‌ දහ අට රියන්‌ උස ඇති උසට සරිලන මහත ඇති. ෂඩ්වර්ණ රශිමීන්ගෙන්‌ බැබළි බැබළී යන සුවිශාල පුරුෂයකු ලෙස බොහෝ තැන්වල වර්ණිතය. මේ බුදුරදුන්‌ බුදු සිරුර ගැන සංයුත්ත නිකායේ පැවැසෙන්නේ මෙලෙසය,

ඒණිජඬ්ඝං කිසං වීරං - අප්පාහාරං අලොලුපං
සීහං එකචරං නාගං - කාමෙසු අනපෙක්ඛිණං (ඒණිජණ්ඝ සූත්‍රය)

ඒණි මුවකු බුදු කෙන්ඩා ඇති, කෙට්ටු වූ, ටිකක්‌ ආහාර ගන්නා, ලොල්බව නැති, හුදෙකලාව හැසිරෙන, සිංහයෙකු බඳු, එකලාව වසන ඇතෙකු බඳු, කාමාපේක්ෂා නැති බුදුන්‌ වහන්සේය.

ඒණිජඬ්ඝ නම්‌ පිණිමුවකුගේ කකුල්‌ බඳු යන්නයි. මුවන්ට තම කකුල්වලින්‌ බොහෝ දුර පයින්‌ ඇවිදින්න පුළුවන. බුදුරඳුද තුරිත චාරිකා අතුරිත චාරිකා වැඩම කළේ දෙපයිනි. මේ දෙවියකු විසින්‌ බුදු සිරුර ගැන පැවසූ අයුරුය. මේ අනුව අපේ බුදුහාමුදුරුවෝ ස්ථුල නොවූ සිරුරක්‌ ඇති කෙනෙකි.

 

ගෞතම බුදු සසුනේ භික්ෂුව පිළිබඳ එන විස්තරයක්‌ මෙසේය.

විජ්ජා උපතතං සෙට්ඨො - අච්ජ්ජා නිපතං වරා
සංඝො පවජමානානං - බුදුධො පවදතං වරො (විත්ත සූත්‍රය)

නැගෙන්නවුන්ට ප්‍රඥාව ශ්‍රේෂ්ඨය - වැටෙන්නවුන්ට අවිද්‍යාව ප්‍රධානය. පයින්‌ යන්නවුන්‌ අතර සංඝයා ප්‍රධානය. කියන්නවුන්‌ අතර බුදුන්‌ වහන්සේ ශ්‍රේෂ්ඨය.

 

ස්ත්‍රිය පිළිබඳව සංයුත්තනිකායේ එන අදහස්‌.

පුත්තාවත්ථු මනුසීසානං - භරියා ච පරමා සබා
වුට්ඨිං භූතූපජ්වන්ති - යො පාණා පඨවිං සිතා (වත්ථු සූත්‍රය)

පුත්‍රයෝ මච්පියන්ට පිහිටවෙති. භාර්යාව උතුම්ම යහළුවායි. සත්ත්වයෝ වැස්ස ඇසුරෙන්‌ ජීවත්‌ වෙති.

ධජෝො රථස්ස පඤ්ඤාණං - ධූමො පඤ්ඤාණ මග්ගිනො
රාජා රට්ඨස්ස පඤ්ඤාණං - භත්තා පඤ්ඤාණ මිත්ථියා (රථ සූත්‍රය)

යුධ රථය දෘෑනගන්නා ලකුණ කොඩියයි. ගින්නක්‌ ඇති බව දුමෙන්‌ දනගනී. රටක ලකුණ ධාර්මික රජුය. ස්ත්‍රිය ගේ ලකුණ සැමියාය.

වසෝ ග්සරියං ලොකේ - ඉත්ථි භණ්ඩාන මුත්තමං
කොධො සත්තමලං ලොකේ - චොරා ලොකසමිං අම්බුදා (ඉස්සර සූත්‍රය)

 අණසක පැවැත්වීම අධිපති බව පෙන්වයි. භාණ්ඩ අතුරෙන්‌ උතුම්ම භාණ්ඩය ගැහැණියයි. ප්‍රණාව නමැති අවියට ක්‍රෝධය මලය. ලෝකය විනාශකරන්නේ සොරුය.

ඉත්ථිපිහිඑකච්චියා සෙය්‍ය පොස විනාධිප
මෙධාවිනී සීලවතී - සකීසු දේවා පතිබ්බතා
තස්සා යෝ ජායති පොසො - සූරො හොති දියම්පති
තාදිසා සුභගියා පුත්තා - රජ්ජම්පි අනුසාසසති (ධීතුසූත්‍රය)

නුවණැති, සිල්වත්‌ නැදිමයිලන්‌ දෙවියන්‌ මෙන්‌ සිතන පවතින රකින ස්ත්‍රිය පිරිමින්ට වඩා ශේ්‍රෙෂ්ඨය. රටක්‌ ආණ්ඩු කළ හැකි අයෙක්‌ උපදින්නේ ඒ ස්ත්‍රිය ගෙනි. බුදුවරුන්‌ සක්විති රජවරුන්‌ උපදින්නේ ස්ත්‍රියගෙනි.
මෙවැනි ගාථා සිය ගණනක්‌ වෙති.

සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ එන සූත්‍ර අතුරෙන්‌ ඕඝ සූත්‍රය කාමොඝ භවෝඝ - දිට්ඨි ඕඝ - අවිජ්ජා ඕඝ - යන සතරවිට ඕඝ යන්‌ නැති කිරීමෙන්‌ අනායාසයෙන්‌ නිවන්‌ අවබෝධ කළ හැකි බව උගන්වයි. පිරිත්‌ පොතට බොහෝ සූත්‍ර රැගෙන ඇත්තේ සංයුත්ත නිකායෙනි. විසුද්ධි මාර්ගය ලිවීම සඳහා බුද්ධ ඝෝෂ හිමියන්ට මහා විහාරිකයන්‌ දුන්‌ බීජ ගාථා ජටා සූත්‍රයේ සඳහන්‌ ගාථාය, බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයත්‌, පස්වග මහණුන්ට අනාත්ම දර්ශනය උගන්වා රහත්‌ කරන්නට මග පෑදූ අනාත්ම ලක්ෂණ සූත්‍රයන්‌ සඳහන්‌ චන්නේ සංයුත්ත නිකායේය. සඳ හිරු රාහු ඇල්ලූ විට ඒ දේවපුත්‍රයන්‌ දෙදෙන රාහුගෙන්‌ බේරාගත්‌ බව සඳහන්‌ වන චන්ද සූරිය පිරිත්‌ දෙන ද සංයුත්තනිකායේ ඇතුළත්ය. චන්ද සූරිය යනු දේව පුත්‍රයන්‌ දෙදෙනකු විනා ලෝකය එළිය කරන සඳ හිරු දෙදෙනා නොවේ. කසී භාරද්වාජ ටීකාවේ බුදුරදුන්‌ ගාථා කීමෙන්‌ පසුව බමුණා විසින්‌ කළ කිරිබත්‌ පූජාව ගැන විස්තර සඳහනි. බුදුරඳුන්‌ කිරිබත්‌ දානය එදා නොපිළිගත්තේ අනාගත භික්ෂූන්ට ආදර්ශයක්‌ දෙනු සඳහාය. දහම්‌ දෙසා ආමිස ලාභ - ලාභ සත්කාර බලාපොරොත්තු නොවිය යුතු බව අනාගත භික්ෂූන්ට දුන්‌ ආදර්ශයයි. බුදුබණ දේශනා කළ යුත්තේ නිරාමිසව හා පොදු කරුණාවෙන්‌ බව එයින්‌ උගන්වයි. සංයුත්ත නිකායේ එන කෙටි පරිනිබබාණ සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රයට ආදර්ශයක්‌ වන්නට ඇත.

මාරයා පිළිබඳව විස්තර මාර සංයුත්තයේ විස්තර වේ. මාරයා විවිධ වෙස්‌ ගෙන වරින්‌ වර බුදුරදුන්‌ වෙත ආ සැටිද, සමිද්ධි තෙරුන්‌ කිසාගෝතමී ආදී තෙරණියන්‌ කරා ගිය අයුරුද ශෝධික තෙරුන්‌ සොය වෙහෙස වූ අයුරුද මාර සංයුත්තයේ අන්තර්ගතය. ශෝධික තෙරුණුවන්‌ සොයා සොයාගන්නට නො හැකි වූ තැන මාරයාගේ කිසිල්‌ ලේ තිබූ බෙලුව පණ්ඩු වීණාච බිම වැටුණු බවද සඳහනි. සිදුහත්‌ තවුසා බුද්ධත්වය ලබන අවස්ථාවේ මාරයා පැමිණ කළ සටනින්‌ මාරයා පැරදුණු වේළේ බෙලුව වීණාව එතැන දමා දුවගිය බවත්‌, පසුව ආ ශක්‍රයා එය අහුලා තම ගාන්ධර්වයා වන පංචසිඛට දුන්‌ බවත්‌ තව තැනක සඳහන්ව තිබෙ.

මිනිසුන්‌ නොවන සත්ත්ව කොට්ඨාසයන්‌ සමග බුදු රඳුන්‌ ද ශ්‍රාවකයන්‌ ද, පැවැත්වූ සබඳතා හෙළි කරන සූත්‍ර හා චර්ග සංයුත්ත නිකායේ ඇතුළන්ය. දේවතා - දේවපුත්ත - මාර - බ්‍රහ්ම - යක්ඛ - සක්ක - නාග - සුපණ්ණා - ගන්බ්බ - වළාහක - සංයුන්ත ඒ සඳහා උපයෝගී වේ. ලාභ සත්කාර සංයුත්තය මගින්‌ ලාභ සත්කාර සඳහා භික්‍ෂූන්‌ ගිජු නොවිය යුතු බව නැචත නැවත සිහිපත්‌ කරවයි.

 ධම්ම චිනය යන්න විග්‍රහ කරන තැන ධම්මේන යන්නෙන්‌ ත්‍රිපිටකය දක්වයි. ධම්ම චිනය යනු දුන්ඩෙන්‌ ආයුධයෙන්‌ තොර සාමය යන දක්ම පැහැදිලි කරයි, ධම්ම විනය ආමිසය සඳහා නොවන බව අනිවාර්යයෙන්‌ දක්වයි. ධම්ම චිනය තර්කය සද හා නොවන බව ද කියයි. ධම්ම විනය යනු සත්ත්වයන්‌ අපායෙහි නො දමා - දරා ගනිනුය ධම්ම විනය නම්වේ යයි විග්‍රහකර ඇත.

සංයුත්ත නිකාය ටීකාවේ සරභාණ ධර්මකථා නම්‌ ධර්දේශනා ක්‍රම පිළිබඳව විස්තරයක් එයි. එකී ධර්මකථිකයෙක්‌ පළමුවෙන්‌ පළමු ගාථාව හෝ සූත්‍රය කියවා නිම වූ කල්හී, වෙනත්‌ ධර්ම කථිකයෙක්‌ එතැන්‌ සිට ධර්ම දේශනා කරයි. ඊ ලඟ ධර්ම දේශකයාණෝ එතැන්‌ සිට බණ කියති. මෙසේ කීප නමක්‌ විසින්‌ මුළු රැය එළිවනතුරුැ ධර්ම දේශනා කරති. එහෙත්‌ කිසිම භික්ෂුවක්‌ මුල්‌ මෘතෘකාවෙන්‌ ඔබ්බට යන්නේ වත්‌, පිට පනින්නේ වත්‌ නැත. මේ සරහාණ ධර්ම කථා නම්‌ හඬනගා බණ කීමයි.

මෙසේ ටීකා පරිහරණයෙන්‌ මෙහි මුලින්ම දෘක්වූ ප්‍රඥාවේ දියුණුව ආදී ආනිසංස ලබාගත හැකිය.

විජිතනන්ද සරත්චන්ද්‍ර

 

 

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 1154.0000 g
Product Length 24
Product Width 18
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com