0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
No image set
No image set
No image set
Sihiya Pihituveemen Obbata

Product Availability: In stock

ඉංග්‍රීසියෙන්‌ ලියවුණ Beyond Mindfulness in Meditation අති පූජ්‍ය හේනේපොළ ගුණරතන නායක හිමිපාණන්‌ වහන්සේ අතින්‌ සම්පාදනය වූ Read More
$2.08
Quantity

පරිචරිනකගෙන්‌...

මේ මවිසින්‌ සිංහලට සැකසූ පස්වන බණ පොතයි.ඉංග්‍රීසියෙන්‌ ලියවුණ මුල්‌ පොත (Beyond Mindfulness in Meditation) අති පූජ්‍ය හේනේපොළ ගුණරතන නායක හිමිපාණන්‌ වහන්සේ අතින්‌ සම්පාදනය වූ ග්‍රන්ථ මාලාවක තෙවැන්නයි. එහි අනෙකුත්‌ කාණ්ඩ සිංහලෙන්‌ කියවීමට සැලසිය හැකිවීම මා ලද භාග්‍යයකි. පොතෙන්‌ පිළිබිඹු කෙරෙන ධර්ම ඥානය මා අමුතුවෙන්‌ පැහැදිලි කළයුතු නොවේ. මට සිතෙන්නේ, ශ්‍රී ලාංකිකයන්‌ අතර ධර්මය පිළිබඳ නව ආකල්පයක්‌ ඇති කරවිය යුතු බවය. අද බොහෝ දෙනෙකු සිතනුයේ, එය දේශනයට සහ ශ්‍රවණයටත්‌, ඉගැන්වීමට සහ ඉගෙනීමටත්‌ පමණක්‌ තිබෙන දෙයක්‌ ලෙස ය. ධර්මය තිබෙන්නේ, අවබෝධ කර ගැනීමටත්‌, ඒ තුළින්‌ සුවපත්‌ වීමටත්‌ බව අමතක ව ගොස්‌ තිබෙන බවකි, පෙනෙන්නේ. ඒ බව සිහිපත්‌ කරවීමට මේ පොත මහඟු මග පෙන්වීමක්‌ වනු ඇත.

මෙවන්‌ කටයුතුවල යෙදීමට තරම්‌ මා සවිමත්‌ කළ, දෙමාපිය,ගුරුවර, නෑසිය, හිතමිතුරැ, ආයකකාරකාදී සියල්ලන්‌ සමග, නිව්යෝර්ක්‌ ස්ටැටන්‌ අයිලන්ඩ්‌ බෞද්ධ විහාරාධිපති, හිතාදර හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමිපාණන්‌ සහ පින්නගල පඤ්ඤාතිස්ස, කොස්වත්තේ සුමනවංස සොයුරු හිමිවරුන්‌ මෙන්‌ ම, ජෝන්‌ නැචිට්‍රිළුබ්‌, ඩේල්‌ ස්චවැන්සන්‌ සමග සිංහල පරිවර්තනයේ අත්පිටපත කියවූ සුදින්නා භික්ෂුණින්‌ වහන්සේටත්‌, ඉමහත්‌ වෙහෙසක්‌ දරා, අකුරෙන්‌ අකුර කියවා, වැරදි නිවැරදි කිරීමේ දුෂ්කර ක්‍රියාව කළ පර්සි නානායක්කාර මහත්මාණන්ටත්‌ අපමණ පින්‌ සිදුවේ.

මං කලණ මිත්‌, දිවුලපිටිය ඥානෝදය මැදි මහ විදුහලේ ධර්මාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති යටගම උදයධම්ම හිමිපාණන්‌ වහන්සේත්‌, ආචාර්යෝත්තම යටගම ශ්‍රී නාගවචනාරාමාධිපති නාලපහ ශ්‍රී ඉන්දචිමලාභිධාන සීනාදි සිවිකෝරළයේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන්‌ වහන්සෙත්‌, සිහිපත්‌ කරන්නේ, පාදෘභිවාදන පූර්වකව ය.

කුඩගම්මන සීලරතන හිමි.

 

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 280.0000 g
Product Length 21
Product Width 14
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com