Medical Book

Saukhaya Wadena Jeevana Kramaya
අධික රුධිර පීඩනය, රුධිර සීනි ප්‍රවනාහයට රුධිර සංසරණ පද්ධතියේ බලපෑම, රුධිර තෙල් අධිකවීම, රෝගයන් පාලනය කිරීමට හදවතෙහි ආබාධයන්ට බලපාන සාධක - ආදී මිනිසාගේ සෞඛ්‍ය පරිපාලනය කිරීමට බෞද්ධ මනෝ විද්‍යාවෙන් ලැබෙන අනුග්‍රහයන් කෙසේද යන්න විග්‍රහ කරන ලද ග්‍රන්ථයකි..
Rs 330.00
Deshiya Hasthasara Aushada Yoga - 1
දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත.
Rs 250.00
Out-of-Stock
Obe Ledata Ayurveda Prathikara
Out-of-Stock
ඔබෙ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර - මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු,කිපෙන වෙලාවල්,කිපීම නිසා ඇතිවන බොහෝමයක් රෝගාබාධ,නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිවාරණ ක්‍රම පැහැදිලි කරයි.
Yogadaranaya
යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප‍්‍රමේහ, දියවැඩියාව, පක්‍ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප‍්‍රතිකාර ඇතුළත් වන පැරණි පොතකි. 
Rs 185.00
Peenus Weda Potha
පීනස් වෙද පොත - පීනස් රොගය සුව කර ගැනීමට අවශ්‍ය කෂාය, නාසයට උරන කුඩු, උරන දුම් පන්දුම, නස්න, තෛල, ඝෘත, බස්න, ඉස ගැල්ලූම්, චූර්ණ ආදිය සදහන් වන පැරණි පොතකි. 
Rs 100.00
Wana Weda Potha
වන වෙද පොත - ශරීරයේ විවිධ ස්ථානයන් හි සෑදෙන ගෙඩි, වණ, පිළිකා, මස්දලූ, ආදියට සුදුසු ප‍්‍රතිකාර ද ඔඩු තෙල් ද වලිප්පුවට හා රත ගායට සුදුසු ඖෂධයන් ද ඇතුළත් පැරණි ග‍්‍රන්ථ පිටපතකි. 
Rs 100.00
Udarata Behethgei Ath Weda Potha
උඩරට බෙහෙත්ගෙයි අත්වෙද පොත - ජම්බීර කල්කය, ආතඝාර ගුලිය, ශ‍්‍රී බ‍්‍රහ්මාදී රසය, හෙනරාජ කෂාය වැනි ඖෂධ සැකසුම හා විවිධ රෝගයන්ට ඒවා යොදන ආකාරය සමග කළ යුතු ප‍්‍රතිකාර ඇතුළත් පැරණි ග‍්‍රන්ථයකි.
Rs 120.00
Senaha Shathakam Beheth Thel Potha
ස්නේහ ශතකම් (බෙහෙත් වෙද පොත) - බුද්ධරාජ, ප‍්‍රාණජීව, සිද්ධාර්ථ, නාරායන ආදී දේශීය වෙදකමේ දී යොදා ගන්නා තෙල් වර්ග සියයක් ද ඒවා යොදන අවස්ථාවන් හා සාදාගන්නා අන්දම ද මෙහි සදහන් වේ. දේශීය වෛද්‍යවරුන්ට පරිහරණයට අගනා පොතකි. 
Rs 200.00
Out-of-Stock
Bhelasanhitha
Out-of-Stock
මහර්ෂි භේලාචාර්යවරයාගේ භේලසංහිතා - ආයුර්වේද ප‍්‍රතිකාර විධි සහ නීරෝගී දිවියකට ආහාර විහරණ පිළිබද උපදෙස් ද විවිධ රෝග සහ ඒවා විවරණය කිරීම ද සහිත මෙය ඉපැරණි ග‍්‍රන්ථයකි. 
Ayu Bala Wadana Nelli
ආයු බල වඩන නෙල්ලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක සිව් වැන්නයි. නෙල්ලි හා පැරණි ජන විශ්වාස, නෙල්ලි නාමකරණය, සම්භවය හා ව්‍යප්තිය, නෙල්ලි ශිකයේ උද්භිද විද්‍යාව, වගාව, අස්වනු නෙළීම, පශ්චාත් අස්වනු රෝග, නෙල්ලිවල රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් සහ නෙල්ලි ශාකයේ විවිධ ආර්ථික ප‍්‍රයෝජන ආදී අංශ ගණනාවක් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. 
Rs 235.00
Out-of-Stock
Sinhala Nadi Vaidya Vidyawa
Out-of-Stock
සිංහල නාඩි වෛද්‍ය විද්‍යාව - දේශිය වෙදකම අනුව රෝගයකට ප‍්‍රතිකාර කිරීමට පෙර රෝග නිධානය සොයා ගත යුතුය. රෝග නිධානය සොයා ගැනීමේ ප‍්‍රධාන උපාය මාර්ගය නාඩි පරීක්ෂාවයි. ස්ත‍්‍රී පුරුෂ නාඩි හරියාකාරව පරීක්ෂා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට මෙම පොත කියවා බලන්න. අෂ්ට පරීක්ෂා, පංච පරීක්ෂා, මාරාන්තික ලක්ෂණ ආදී විවිධ මාතෘකා 150 ටත් වැඩි සංඛ්‍යාවක් යටතේ විස්තර වන වටිනා පොතකි. වෛද්‍යවරු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු සිරිත් විරිත් ද මීට ඇතුළත් කර තිබේ. 
Balanced Diet
Balanced Diet - Discover Ayurveda, the ancient holistic health system from India. Ayurveda is not just about treating sickness, but rather, emphasizes preventing disease and enhancing health, longevity and vitality. It is a complete way of life, based on balance and harmony with nature. Ayurvedic Balancing offers a simple but not simplistic, approach to integrating these Eastern wellness principles into a Western fitness lifestyle.
Rs 1,100.00
Roga Nivaranayata Budu Dahama
රෝග නිවාරණයට බුදු දහම - බටහිරින් ආ දෙය පමණක් ශාස්ත්‍රීය වශයෙන් උසස් යයිද බටහිර තාක්ෂනය අන් හැම දෙයම අභිබවා ඇතැයිද සලකන්නට බොහෝ අය පුරුදු වී ඇති කාලයක නිකුත්වන මෙම කෘතිය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයින්ට, පර්යේෂකයන් ට මෙන්ම සාමාන්‍ය පාඨකයින්ට ද අතිශය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය..
Rs 250.00
Rasa Guna Piri Beli
රස ගුණ පිරි බෙලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක දෙවැන්නයි. ප‍්‍රකට හා ජනප‍්‍රිය පලතුරු ඔසු ගසක් වන බෙලිවල නාමකරණය, සම්භවය හා ව්‍යාප්තිය, රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් මෙන්ම බෙලි ගස ආශ‍්‍රිත ආගමික හා දේව විශ්වාසයන් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. බෙලි ශාකයේ ඖෂධීය ගුණ පිළිබද නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ලැබී ඇති සාක්ෂි ගැන පුළුල් විස්තරයක් ද මෙම නව සංස්කරණයට ඇතුලත් කොට තිබේ.
Rs 220.00