Buddhist & Other Novels

Sathanika Suwaya Soya
අතීතයේ වූ සිදුවීමක් අලලා අතීතයේ සිදුවූනැයි විශ්වාස කල හැකි සේ පෙනෙන ලෙස ඒ වටා ප්‍රබන්ධ වශයෙන් කතා ගෙතීම නවකතා වෙයි. මෙයින් හෙළිදරවු කරනු ලබන්නේ කාමනීත නම් වූ ධනවත් තරුණයෙකු වටා ගෙතුන විචිත්‍රවත් කතාවකි..
Rs 500.00
Devlovata Maga Kiyana Kathandara
පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද  පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි..
Rs 270.00
Lovthuru Ridum
යශෝදරා සිරිත,දිය හබය,මාර යුද්ධය,වෙසතුරු සිරිත,බුදුවීම,ආදී වස්තු බීජ කීපයක් නවතම ශෛලියකින් කියවන්නට රස උපදින අයුරින් ඉදිරිපත් කිරීමකි.
Rs 190.00
Out-of-Stock
Thummase
Out-of-Stock
ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය.
Out-of-Stock
Deka Nudutu Pera Nimithi
Out-of-Stock
දැක නුදුටු පෙර නිමිති  - මෙම නවකතාව නිර්මාණය කරනු ලබනුයේ බොහෝ කතාන්දර සපිරි පසුබිමක් මතිනි. එහෙත් 'දැක නුදුටු පෙර නිමිති' සඳහා මා ඇසුරු කළ භික්ෂූන් කිසිවෙකුගේ හෝ සත්‍ය කතාවක් පදනම් වී නොමැත. මෙයට පාදක වනුයේ මා ලද අත්දැකීම් වල මිශ්‍රණයකි. 
Prasenajith
ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වෙන සැවැත් නුවර අගරජුන් වූ පසේනදී කොසලයන් පිළිබදව අපූර්ව තොරතුරු රැසක් මේ නවකතාව ගෙන එයි. 
Rs 550.00
Bhawa Pushpa
 බුදු සමයේ එන මූලික තේමාවන් ස්පර්ශ කරමින් ලියැවුණු “භව පුෂ්ප” නවකතාව අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 475.00
Hima Bima Arana
ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 750.00
Shishyathwaya - Aba Yahaluwo 2
ශිෂ්‍යත්වය අඹ යහළුවෝ 2 -  ශිෂ්‍යත්වය නවකතාව අඹ යහළුවෝ නවකතාවේ අනුප‍්‍රබන්ධයයි. මුල් කතාවෙන් ඉදිරිපත් වූ චරිත ශිෂ්‍යත්වය තුළින් වඩාත් වර්ධනය වී ඇත. 
Rs 730.00
Bharatha Yogin Saha Isiwarain Samaga 02
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 400.00
Gamperaliya
ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. 
Rs 900.00
Wahallu
වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්.
Rs 500.00
Geheniyak Saha Thavath Ketikatha
ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. 
Rs 225.00
Viragaya
විරාගය - 1956 දී එළිදැක්වූ සිංහලෙන් ලියැවුණු විශිෂ්ටතම නව කතාවකි. මෙය ඉංග්‍රීසි, දෙමළ, ජපන් හා ප්‍රංශ භාෂා වලින් ද පළ වී ඇත. 
Rs 650.00
Rohini
රෝහිණී - දුටුගැමුණු රාජ්‍ය සමයෙහි විසූ සිහළයන්ගේ දස්කම් පිළිබඳ ලියැවුණු සාර්ථක නවකතාවක් ලෙසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රෝහිණී නවකතාව හඳුන්වා දිය හැක. 
Rs 500.00
Ape Gama
අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. 
Rs 250.00
Yuganthaya
යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 900.00
Kaliyugaya
කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ.
Rs 900.00
Ambapali
අම්බපාලි - එකල භාරතීය සමාජයේ ගණිකා වෘතියේ යෙදුණ බොහෝ කාන්තාවන් බුදු සිරිපතුල් පා මුලෙහි රහත් මෙහෙණින් වහන්සේලා වීම උන්වහන්සේගේ අපරිමිත දයාව හා කරුණා ගුණ සම්භාරය පිළිඹිබු කරන හොඳම උදාහරණය. අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේගේ කතා ප්‍රවෘතිය ද එවැන්නකි. ථෙරි ගාථාවන්හි සඳහන් පරිදි එතුමිය විසින්ම තම රූපයේ අනිත්‍යතාව පිළිබඳව මනාව සඳහන් කර ඇත.
Rs 275.00
Gothama Geethaya
ගෝතම ගීතය - ජයසේන ජයකොඩි මහතා අතින් නිමැවුණ අගනා බෞද්ධ නවකතාවකි.
Rs 850.00
Out-of-Stock
Valmikige Ramayanaya
Out-of-Stock
වාල්මිකීගේ රාමායණය - හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතුරෙන් ආදි කාව්‍යයයි සලකනු ලබන්නේ රාමායණය මහා කාව්‍යයයි. රාමායණය වනාහී ලංකාවත් භාරත දේශයත් අතර ඇති වූ සුප‍්‍රසිද්ධ ඝටනාවලියෙන් යුක්ත වන්නේය. වාල්මිකී නැමැති සෘෂිවරයෙකු විසින් සම්පාදනය කරන ලද මෙම වීර කාව්‍යය ඉතා සරල සුගම බසින් මෙසේ ඔබ අතට පත්වේ. 
Pinketha
පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ.
Rs 300.00
Upeka
උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත්  නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි.
Rs 350.00