Buddhist Poems

Aranya Kavya Sagarava
ආරණ්‍ය කාව්‍ය සංග්‍රහය - මෙම කාව්‍ය සංග්‍රහය පඤ්ඤානන්ද හිමියන්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වුවද භාෂා භාවිතය රූපක උපමා ව්‍යංගාර්ථවත් භාෂා භාවිතය කාව්‍ය ආකෘති භාවිතය වැනි දෑ කවිය තුළට ගෙන ඒමෙන් උන්වහන්සේගේ කවීත්වය කාව්‍ය සංග්‍රහය පුරා කැපී පෙනෙයි. සතතාභ්‍යාස තුළින් තම කවිත්වය ඔප්නංවා ගැනීමට මෙන්ම ගී පද රචකයෙකු ලෙසත් උන්වහන්සේ තම නිර්මාණකරණයෙහි නිම් වළලු පුළුල් කර ගනිමින් සිටින බව පැහැදිලි ය.
ආරණ්‍ය පද්‍ය නිර්මාණ එකතුව තේමා රැසක් පිළිබඳව කවියා සිය කවිත්වය පළ කරවන්නකි. පඤ්ඤානන්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජය අවවරප්‍රසාදිත පිරිස් වෙනුවෙන් උන්වහන්සේ සිය පෑන මෙහෙයවා තිබීමය. එහිදී සෙසු කවීන් නොදකින සියුම් සිද්ධි හා අවස්ථා කවියාගේ ඇසට ලක් වී තිබේ.
Rs 300.00
Lovada Sagarava
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි.
Rs 160.00
Light Of Asia
Light Of Asia - An epic poem depicting the life character and philosophy of the Buddha.
Rs 700.00
Sinhala Theri Gatha
ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව.  මෙම ථෙරණින් වහන්සේලාගේ ප‍්‍රකාශ නිර්ව්‍යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්‍යාජී බවක් ම ප‍්‍රකට කරයි.
Rs 220.00
Guththila Kawya - Waththave Himi
ගුත්තිල කාව්‍ය -  ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි. 
Rs 750.00
Out-of-Stock
Sarala Therum Sahitha Loveda Sangarawa
Out-of-Stock
ලෝවැඩ සගරාව - ලෝවැඩ සගරාව යහපත් මාර්ගයෙහි ගමන් කරනු කැමැත්ත  වූන්ට අකුසලින් මිදී කුසල් වැඩිදියුණු කිරීමට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙකි. කියවා සරලව තේරුම් ගතහැකි බණ පොතකි. භාවනාව සදහා කමටහනකුදු වන්නේය.
Out-of-Stock
Shubhashithaya - Itha Sarala Sinhala Therum Sahitha
Out-of-Stock
සුභාෂිතය - දයාව, කරුණාව, ඉවසීම ආදී මිනිස් ගුණ වර්ධනය කරන්නාවූත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මද මානය ආදී දුර්ගුණයන් මර්දනය කරන්නා වූ සිංහලයාගේ සංස්කෘතික ලක්ෂණ පිළිබද හැගීමක් ඇති කරවන අතරම සාහිත්‍ය රසය හා භාෂා ඥාණය පිළිබද දැනුමක් දරුවන් තුළ ඇති කරන්නා වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකි. 
Out-of-Stock
Lovada Sangarava Bava Sanna Sahitha
Out-of-Stock
ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) -  පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය. 
Chinthana Dara
සැනසීම නම් කුමක්ද?එය ලබා ගන්නේ කෙසේද?යන්න විවරණය කරන නිසැදැස් පද්‍ය ශෛලියෙන් ලියන ලද කාව්‍යයකි.ගැඹුරු දාර්ශනික අදහස් ලිහිල් සරල කාව්‍ය ශෛලියෙන් ගෙනහැර දක්වයි.
Rs 140.00
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 850.00
Sirith Mal Wisithura
සිරිත් මල් විසිතුර - කට වහර ලිඛිත වහරට හැරවීමේ ප්‍රයන්තයකි, මේ කුඩා ඔවදන් පොත. මෙය නූතන ළමා - තරුණ - මහළු කාටත් පිදෙන සාරධර්ම සංග්‍රහයකි.
Rs 70.00
Out-of-Stock
Mahinda Prabanda
Out-of-Stock
මහින්ද ප්‍රබන්ධ - මහින්ද හිමියෝ ප්‍රශස්ත කවි ගී රැසක් රචනා කළහ. එමඟින් ප්‍රමුඛ පෙළේ කිවියාණ කෙනෙක් වූහ. එහෙත් අද උන්වහන්සේගේ කවි ගී බොහෝමයක් අදෘශ්‍යමාන ය. අප්‍රකට ය. අප්‍රකාශිත ය. මේ වූ කලි සිංහල කාව්‍යය වංශයෙහි නිරන්තර ව දැනුණු ඌනතාවකි. මහින්ද හිමියන්ගේ සමස්ත කාව්‍ය සමුච්චය කෙරෙහි අද්‍යතන පාඨක විචාරක උභය පක්ෂයෙහි අවධානය යොමුකිරීම සඳහා සම්පාදනය විය.
Pirinivan Jathaka Kavya
පිරිනිවන් ජාතක කාව්‍යය - පැරණි සිංහල පද්‍ය සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් මෙවැනි කෘතියක් විධිමත් සංස්කරණයකින් ඉදිරිපත් කෙරෙන පුරෝගාමී අවස්තාවක් ලෙස "පිරිනිවන් ජාතක කාව්‍යය" හඳුන්වා දීමට කැමැත්තෙමි. පුස්කොළ පිටපත් හතක් හා මුද්‍රිත පිටපත් දෙකක් ඇසුරු කරමින් සංස්කරණය කොට ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති පර්‍යේෂණ කුසලතාවත්, බුද්ධිමය කුතුහලයක් ප්‍රකට කරන්නක් ලෙස සඳහන් කළ යුතුය.
Rs 475.00