Piriven Books

-5%
Janakatha 01-Sinhala Pali Sanskrutha
ජනකථා 1 (සිංහල, පාලි, සංස්කෘත) - රකුසිය නසා දිනූ කුමාරයා, සැලමුතු පෙම, හැට හතර මායම් හා ජනකථා තුන මෙහි සිංහල, පාලි හා සංසකෘත යන භාෂා තුනෙන් ම ලියැවී තිබේ. සංස්කෘත කොටස එම සංස්කෘත අකුරු ම භාවිතා කරමින් ලියැවී තිබේ. භාෂාවන් හදාරණ අයට මහඟු අත්වැලකි. 
Rs 237.50
Rs 250.00
-5%
Bhashana Sanskrutham
භාෂණ සංස්කෘතම් -  එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. 
Rs 437.00
Rs 460.00
-5%
Sarala Sanskruthashikshakaya 1
සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. 
Rs 361.00
Rs 380.00
-5%
Pali-Sinhala Pariwarthana Puhunuwa
පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 285.00
Rs 300.00
-5%
Wairagyashathakaya
වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි.
Rs 285.00
Rs 300.00
-5%Out-of-Stock
Wag Widyathmaka Sanskrutha Bhasha Adhyayanaya
Out-of-Stock
 වාග් විද්‍යාත්මක සංස්කෘත භාෂා අධ්‍යයනය - ප‍්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන් හට ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කරන ලද කෘතියකි.
Rs 237.50
Rs 250.00
-5%Out-of-Stock
Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya
Out-of-Stock
සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. 
Rs 570.00
Rs 600.00
-5%
Selalihini Sandeshaya
සැළලිහිණි සංදේශය -  සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද  කරුණු රැසක් සඳහන් ව තිබේ. 
Rs 532.00
Rs 560.00
-5%
Mayura Sandashaya
පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා  ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ. 
Rs 380.00
Rs 400.00
-5%Out-of-Stock
Loweda Sangarawa - Bhava Sanna Sahitha
Out-of-Stock
ලෝවැඩ සඟරාව - කුඩා කල පටන්ම දරුවනට හොඳ නරක කියා දීමෙන් යහපත් පුරවැසියන් කළ හැකිය. මේ කෘතිය රචනා වන්නේද උක්ත කරුණ අරභයාමය. පැරණි පොතපත මගින් දෙන ලද උපදේශ රැගත් මෙම කෘතියෙන් විවිධ විරිත්වලින් යුතු කවි රසවිඳීමටත් හැකිය.
Rs 190.00
Rs 200.00
-5%
Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava
සුබොධාලංකාරය -  ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි. 
Rs 883.50
Rs 930.00
-5%
Wurthatharangini
වෘත්තතරංගිනී - ඉෂ්ටානිෂ්ට කාව්‍ය රහස් සහ වෘත්ත සූත‍්‍ර ඇතුළත් ඡන්දශ්ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයකි.
Rs 722.00
Rs 760.00
-5%Out-of-Stock
Sanna Sahitha Kavyashekaraya
Out-of-Stock
සන්න සහිත කාව්‍යශේඛර - කාව්‍යශෙඛරය වූ කලී කෝට්ටේ යුගයේ විසූ ෂඞ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සිංහලයෙහි සිව්පද මහා කාව්‍යයක් වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇති ශ්‍රේෂ්ඨ ග‍්‍රන්ථයකි.

Rs 256.50
Rs 270.00
-5%
Bauddha Sahithya
බෞද්ධ සාහිත්‍යය - මාටින් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් විවේචනය කරමින් ඇරඹෙන මෙය බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව වැදගත් අදහස් රැසක් ගෙන එන පොතකි. 
Rs 332.50
Rs 350.00
-5%Out-of-Stock
Kawyashekara Maha Kavya
Out-of-Stock
කාව්‍යශේඛර මහා කාව්‍යය - සර්ග 15 කින් සහ පද්‍ය 884 කින් යුතු කාව්‍යශේඛරය සිංහල සාහිත්‍යයේ ඇති මහා කාව්‍ය දෙකින් එකක් ලෙස ජනාදරයට පත් වූවකි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද මෙය සංස්කරණයේ දී අර්ථාවබෝධය පහසු කරනු සඳහා අන්වයක් ද සමඟ අර්ථ, විස්තර, ටිප්පනි යන අංග එකතු කර තිබේ. සෑම පද්‍යයක් සඳහා ම අර්ථ දැක්වීමට අමතරව විස්තරයක් ද ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන අයගේ ප‍්‍රයෝජනය සඳහා නිර්මාණය වූ මනා සංස්කරණයක් ලෙස මෙය දැක්විය හැක.  
Rs 712.50
Rs 750.00
-5%
Amruthavaha Nam U Buthsarana
අමෘතාවහ නම් වූ බුත්සරණ   -  පුරාණ බෞද්ධ සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථය සැලකේ. උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ට පමණක් නොව ධර්ම ශ‍්‍රවණාභිලාෂී උවසු උවැසියන්ගේ සිත් සතන් සනසන්නට මෙතරම් මාහැඟි වෙනත් ග‍්‍රන්ථයක් නැති තරම්ය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය අමෘත ප‍්‍රවාහයකි.    
Rs 646.00
Rs 680.00
-5%
Siyabaslakara Deepani
සියබස්ලකර දීපනී -  උපමා රූපකාදි කාව්‍ය අලංකාර, කාව්‍ය දෝෂ, යමක ලක්‍ෂණ, දස ප‍්‍රාණ ආදී කාව්‍යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්‍ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්‍ය සංකල්ප සහ විග‍්‍රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්‍ය උපදේශ ග‍්‍රන්ථයකි. සිංහල ග‍්‍රන්ථ නාමාවලියේ ආදි ම ග‍්‍රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි. 
Rs 807.50
Rs 850.00
-5%
Budugunaalankaraya
බුදුගුණ අලංකාරය - පාසල් පොතක් වශයෙන් පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා ද සුදුසු වීදාගම මහානේත‍්‍ර ප‍්‍රසාදමූල මෛත‍්‍රීය හිමියන් විසින් රචනා කරන ලද කවි හයසියයකටත් වැඩි සංඛ්‍යාවක් ඇති මෙය ඉතා රසවත් පද්‍ය සංග‍්‍රහයකි. විශාලා මහනුවර සම්බන්ධ ඓතිහාසික කථා පුවතක් රසවත් කවියෙන් ඉදිරිපත් කිරීමකි. සරල භාෂාවෙන් ලියැවුණ ද මීට ගැටපද විවරණයක් ද සපයා තිබේ. 
Rs 855.00
Rs 900.00
-5%Out-of-Stock
Sanskrutha Gadyapadya Sahithya
Out-of-Stock
සංස්කෘත ගද්‍ය පද්‍ය සාහිත්‍යය -  පිරිවෙන් ශිෂ්‍යයන්ට සහ සංස්කෘත විෂය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ද යෝග්‍ය වන ලෙස මහා භාරතම්, රාමායණම්, පඤ්චතන්ත‍්‍රය වැනි සංස්කෘත ගද්‍ය පද්‍ය ග‍්‍රන්ථ උදාහරණ ලෙස දක්වමින් ඉදිරිපත් කරන සංස්කෘත පිළිබඳ විමර්ශන ග‍්‍රන්ථයකි.  
Rs 522.50
Rs 550.00
-5%Out-of-Stock
Bharatheeya Kama Shastharaya
Out-of-Stock
භාරතීය කාමශාස්ත‍්‍රය -  ධර්ම, අර්ථ, කාම යන ත‍්‍රිවර්ග සම්පත්තිය පදනම් කරගත් කාම ශාස්ත‍්‍රීය තොරතුරු රැසක් මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. ආලිංගනය, චුම්බනය, වශීකරණ විධි, ලිංගික ක‍්‍රියාවලිය ආදිය සම්බන්ධ පිළිගත් අදහස් මෙම කෘතියට ඇතුළත් ව තිබේ. 
Rs 275.50
Rs 290.00
-5%
Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo
පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ -  දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. 
Rs 166.25
Rs 175.00
-5%
Pali Sahithya
පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත.
Rs 1,140.00
Rs 1,200.00
-5%
Pali Bhashave Aithihasika Sanwardhanaya Ha Kachchaya Vyakarana Wivuthi
පාලි භාෂාවේ ඓතිහාසික සංවර්ධනය හා කච්චායන ව්‍යාකරණ විවෘති - මෙම ග‍්‍රන්ථය සාම්ප‍්‍රදායික ව්‍යාකරණ හා ඓතිහාසික ව්‍යාකරණය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාළ වන ප‍්‍රස්තුත රාශියකින් සැදුම් ලද කෘතියක් වන අතර ප‍්‍රාචීන විභාග මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි විභාගවලට සූදානම් වන සිසුන්ට මහගු අත්වැලක් වනු ඇත.
Rs 237.50
Rs 250.00
-5%
Abhighana Shakunthala Natakaya-Maha Kavi Kalidasa Praneeth
අභිඥාන ශාකුන්තල නාටකය - පෙර අපර දෙදිග ම සුප‍්‍රසිද්ධ මහා කවි කාලිදාසයන්ගේ සකුන්තලා නාටකය, එම නාට්‍ය අනුසාරයෙන් ම දෙබස් ආදිය යොදා කරන ලද සංස්කරණයකි. සිංහල සහ සංස්කෘත නාගර අකුරෙන් ද ලියැවී ඇති බැවින් සංස්කෘත ඉගෙන ගන්නා අයට ද ප‍්‍රයෝජනවත් වන සේ සැකසී ඇත. නාට්‍යයකින් ලබන රසාශ්වාදය ද නොඅඩුව ලැබේ.  
Rs 475.00
Rs 500.00