Research & Criticism Books

Ketikatha Wimasuma
කෙටිකතා විමසුම - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල කෙටි කතා විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ.
Rs 475.00
Out-of-Stock
Sambhavya Vichara Uddeepana
Out-of-Stock
සම්භාව්‍ය විචාර උද්දීපන - ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය. 
Out-of-Stock
Gee Kawya Meemansa
Out-of-Stock
ගී කාව්‍ය මීමංසා - පුරාතන සිංහල පද්‍ය කාව්‍යයේ ස්වභාවය පිළිබිඹුු කෙරෙන, එහි රුව ගුණ හදුනා ගැනීමෙහි හා ආස්වාදනයෙහි ප‍්‍රවර්ධනයට තුඩුදෙන කාව්‍යබස් වහර හා වර්ණනා ශක්තියෙහි ප‍්‍රබෝධයට ඉවහල් වන විචාර ග‍්‍රන්ථයකි.
Beddegama Rasasvadaya Ha Wicharaya
බැද්දේගම රසාස්වාදය හා විචාරය - අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත වන බැද්දේගම නව කතාව සබැඳි ව විචාරයන්, පැහැදිලි කිරීම් විධිමත් ව මෙහි කතෘ විසින් සිදු කර ඇති මෙම කෘතිය ගුරු-සිසු දෙපාර්ෂවයට මෙන් ම පොදු පාඨකයන්ට ද සුදුසු වේ.
Rs 400.00
Nuthana Padya Sangrahaya Vicharaya
නූතන පද්‍ය සංග්‍රහය විචාරය - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල පද්‍ය විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස චිචාරයන් සඳහන් කර ඇත.
Rs 350.00
Prathyakshaya Saha Wishwasaya

අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Rs 400.00
Budu Dahama Saha Buddhagama
සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක.
Rs 875.00
Pali Sahithya Wivarana
පාලි සාහිත්‍ය‍ය විවරණ - ථෙරවාදී බුදුසමයේ භාෂා මාධ්‍ය වන පාලි භාෂාව සහ සාහිත්‍යය අද වනවිට භික්ෂූන් වහන්සේලා සහ සීමිත ගිහි පිරිසක් අතර පමණක් ව්‍යවහාර වන භාෂා මාධ්‍ය‍යක් බවට පත් වී ඇත. පාලි භාෂාව හුදෙක් ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරවන ආගමික භාෂාවක් පමණක් නොව එය සංගීතය, කලාව, ගීතය, කවිය, කෙටිකතා ආදී නූතන සාහිත්‍යමය ප්‍රවණතාවලින් සමලංකෘත ජනප්‍රිය කලාකාමී භාෂා සාහිත්‍යයක් වශයෙන් සහේතුකව කරුණු ඉදිරිපත් කිරීමට රාජකීය පණ්ඩිත ඇහැලේපොල මහින්ද හිමියන් මෙම කෘතියෙන් උත්සාහ දරා ඇත.
Rs 400.00
Out-of-Stock
Japanaye Agama Saha Samajaya
Out-of-Stock
ජපානයේ ආගම සහ සමාජය - ජපන් වංශකථාවල දැක්වෙන පරිදි, එරටේ ජාතික ඉතිහාසය පටන් ගන්නේ ක්‍රි.පූ. 6 වෙනි ශතවර්ෂයේදී ය. නමුත් ඊට බොහෝ කාලයකට පෙර සිටම, වරින්-වර ආසියා මහාද්වීපයෙන් පැමිණි විවිධ සංක්‍රමණිකයන් විසින්, ජපානයේ ඇතැම් පළාත්වල ජනාවාසයන් පිහිටුවා ගෙන තිබුණු බව පුරා-විද්‍යාඥයෝ සඳහන් කරති. ආරම්භයේ සිට, යුගයෙන් යුගයට ජපන් රටේ ඇති වූ විවිධ සමාජ පරිවර්තනයන් ද ඒවා අනුව එරටේ ආගමික වාතාවරණය කලින් කලට වෙනස්වූ ආකාරය ද කතුවරයා මෙම ග්‍රන්ථයෙහි පැහැදිලිව විස්තර කරයි. ජපානයේ ඉතිහාසය පිළිබඳව පමණක් නොව ජපනුන්ගේ ගතිගුණ පිළිබඳව ද ගැඹුරින් වටහා ගැනීම සඳහා මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලය.
Pali Sahithya Adyayana - 2
පාලි සාහිත්‍ය අධ්‍යයන - 2 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 400.00
Pali Sahithya Adhayayana - 1
පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 250.00
Out-of-Stock
Mala Giya Aththo Kiyaveema
Out-of-Stock
මළ ගිය ඇත්තෝ කියවීම - මළ ගිය ඇත්තෝ සැබවින් ම රමණීය ගද්‍ය කාව්‍යයකි. එය නූතන සිංහල නවකතා ක්ෂේත්‍රය සුගන්ධවත් කළ පුෂ්පයක් වැන්න. මේ නවකතාව පළ වී කාලයක් ගත වී ඇති නමුත් නූතන පාඨකයෙකුට ද එය කියවීමෙන් නැවුම් ආස්වාදයක් විඳින්නට හැකි ය. මළ ගිය ඇත්තෝ කියවීමෙන් ලත් ප්‍රහර්ෂයෙන්; එය කියවීමට - අධ්‍යනයට මඟ පෙන්වීමක් ලෙසින් මේ කෘතිය රචනා කර ඇත.
Bauddha Puja Charithra Ha Sahithya
බෞද්ධ පුජා චාරිත්‍ර හා සාහිත්‍යය - විමල් හේවා මානගේ මහතා විසින් සම්පාදිත මෙම කෘතියෙහි මුල් බුදු සමයේ පූජා චාරිත්‍ර සම්බන්ධයෙන් පැවති  තත්තවයන් පසු ව විවිධ බලපෑම් සහිත ව ඒවා විකාසනය වීමත් පිළිබඳ විචාරත්මක ලෙස සාකච්ඡා වී ඇත.
Rs 200.00
Out-of-Stock
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya
Out-of-Stock
කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.