Biographies

On The Path
On The Path - A very readable and informative biography of Ven.Dr. Walpola Rahula Thera.
Rs 410.00
Asu Maha Shravakayo
අසු මහ ශ්‍රාවකයෝ - මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Rs 400.00
Thumpanen Amarikavata
තුම්පනෙන් ඇමරිකාවට - බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරතනාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳ තතු දැන ගැනීමට රුචි පාඨකයනට මෙම කෘතිය ඉදිරිපත් කොට ඇත.
Rs 1,850.00
Abhiyoga Jayagath Thisthun Wasaraka Pranshaye Jeevithaya
අභියෝග ජයගත් තිස්තුන් වසරක ප්‍රංශයේ ජීවිතය - අනේක බාධා ජයගනිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් යුරෝපය ජයගත් ආකාරය පිළිබඳ තබන සටහනකි.
Rs 400.00
Maha Prajapathi Gauthamin Wahansa
මහා ප්‍රජාපතී ගෞතමීන් වහන්සේ - මහා ප්‍රජාපති ගෝතමී දේවිය තථාගතයන් වහන්සේගේ සුළු මවයි. එතුමිය භික්ෂුණී ශාසනයෙහි පළමුවන භික්ෂුනීන් වහන්සේයි. එම උතුම් චරිතය පිළිබඳ සියලු කරුණු මෙම පොතෙහි අන්තර්ගතය..
Rs 150.00
Man Bhuridaththa Therunge Charithapadanaya
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 950.00
The Life Of The Buddha
The Life Of The Buddha - To benefit most from this book, a child should have some formal teaching of Buddhism. However , to make the book interesting to first time readers, the author has included all of the subjects that her class found most interesting.
Rs 210.00
Out-of-Stock
Gothama Budurajananvahanse
Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..
Samma Sambuddhathvayata path Thathagatha Sambudu Charithaya
සම්මා සම්බුද්ධත්වයට පත් තථාගත සම්බුදු චරිතය - තථාගත සම්බුදු චරිතයෙහි සුවිශේෂී සිදුවීම් රැසක් තෝරාගෙන මහජනයගේ බෞද්ධ ප්‍රබෝධය ඔප්නැංවීම උදෙසා කරන ලද අලංකාර මුද්දර එකතුවකි. ඉංග්‍රීසි ග්‍රන්ථයක සිංහල පරිවර්ථනයක් වන මෙහි බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය පිළිබඳව සුළු වශයෙන් හෝ අවබෝධයක් ලබා දීම අරමුණ වෙයි.
Rs 425.00
Sidhartha Gauthama Sambuddha
සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 900.00
Anagatha Wanshaya Hewath Methe Budu Siritha
අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 370.00
Jesus And The Buddha
Jesus And The Buddha – A Study of their Commonalities and Contrasts 
 - An authoritative, lucid, and penetrative comparison of Jesus Christ and Christianity with Buddha and Buddhism by Bhante S. Dhammika who is meticulously familiar with both the religions
Rs 270.00
Blossoms At His Feet
Blossoms At His Feet - The bliss expressed in verse by victorious nuns who ware disciples of the Buddha..
Rs 200.00
One Nights Shelter
One Nights Shelter - Home to Homelessness  - An absorbing Autobiography of an American Buddhist Monk
Rs 650.00
Buddha Kalina Bhikshuni Samajaya Maha Shravikavo
බුද්ධ කාලීන භික්ෂුණී සමාජය මහා ශ්‍රාවිකාවෝ - බුද්ධ කාලීන භික්ෂුණී ශාසනය ප්‍රභාමත් කළ ප්‍රධාන භික්ෂුනීන් වහන්සේලා හැත්තෑපස් නමකගේ ජීවන තොරතුරු ඇතුලත් රසවත් කෘතියකි..
Rs 250.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,650.00
Out-of-Stock
Nivee Sanasini Rerukane Maha Nahimi
Out-of-Stock
මෙම ග්‍රන්ථය තුළ මහනාහිමියන්ගේ අපදානය විකාශය කරන අතර එයින් මතුවන සියුම් ලක්ෂණයෙන් තුළින් උන්වහන්සේගේ අධ්‍යාත්මික සුපොහොසත් බව වඩාත් තීව්‍ර ව දකින්නට කතුවරයා සමත්ව ඇත. 
Out-of-Stock
Ananda Kumarasvami
Out-of-Stock
ආනන්ද කුමාරස්වාමි විශ්වීය මිනිසෙකුගේ ජීවිතය හා නිර්මාණ නම් මේ කෘතිය ඔහුගේ ජීවන චරිතය හා අනුපමේය නිර්මාණ කාර්්‍යය පිළිබදව සිදුකරන ලද පර්යේෂණාත්මක වෑයමක ප්‍රතිඵලයකි.
Bharatha Yogi Swami Rama
හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 500.00
Out-of-Stock
Thibbatha Lama Ashramayaka Mahanadam Piru Ingireesi Bhikshuwa
Out-of-Stock
මේ කෘතියේ නම තිබ්බතයේ ලාමා ආශ‍්‍රමයක මහණදම් පිරූ ඉංගිරීසි භික්ෂුව වුව ද මෙය චරිතාපදානයක් වශයෙන් ලියැවුණක් නොවන අතර කෘතියේ ඇති කරුණු වලින් බලාපොරොත්තු වන්නේ හිම වැටෙන දේශයේ පවතින බෞද්ධ ධර්මය සෙසු ලෝකයාගෙන් සගවාගත් ඝන කඩතුරාවේ කොණක් ඔසවා එහි සත්‍ය තත්වය ලෝකයාට පෙන්වා දීමයි.
Ananada Maithreeya Mahanahimiyange Dina Satahan
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි. 
Rs 1,000.00
Out-of-Stock
Balangoda Maha Nahimi Sabadi Katha - 01
Out-of-Stock
බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.