Buddhist Culture & History

Perani Lakdiwa Bauddha Ithihasaya
පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය - ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත..
Rs 550.00
Early History Of Buddhism in Ceylon
Early History Of Buddhism in Ceylon - The Book is divided into two parts. Part I forms a necessary introduction to Part II, and deals with the Pali Commentaries, their sources the nature of their contents. Part II, Consisting of ten chapters, id devoted to a consideration of the introduction of Buddhism to Ceylon, its spread there and the effects which the faith had upon the life of the inhabitants of the island. 
Rs 400.00
Out-of-Stock
Sinhala Thupawansaya
Out-of-Stock
ථූපවංශය යන නාමයෙන් ස්තූපයන්ගේ ඉතිහාස කථාව ප්‍රකාශ වෙතත්, මෙහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ දුටුගැමුණු චරිත කථාව මුල්කරගෙන කෙරෙන, මහාථූපය හෙවත් රුවන්වැලි සෑය පිළිබඳ විස්තරයයි. 
Sinhala Thupa Wanshaya
ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ. 
Rs 550.00
Out-of-Stock
Dalada Siritha
Out-of-Stock
බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය ඇතිවන පරිදි ලියන ලද වැදගත් පෞරාණික ධර්ම සංග‍්‍රහයකි. ඓතිහාසික චාරිත‍්‍ර වාරිත‍්‍ර, පුද සිරිත් ඇතුළත් වටිනා බණ පොතකි. බෞද්ධ ඓතිහාසික තොරතුරු රාශියක් ඇතුළත් බෞද්ධ ඉතිහාස ග‍්‍රන්‍ථයකි. ශ‍්‍රී දළදා වහන්සේගේ ඉතිහාසයත් එය ලංකාවට සම්ප‍්‍රාප්ත වීමෙන් පසුව වූ විවිධ දේශපාලනික වෙනස්වීම් වලට මුහුණ දුන් ආකාරයත් මෙම පොතින් විස්තර වේ. තරුණ මහලූ සැමට මේ කෘතිය අතිශයින් වැදගත් වනු ඇත. 
Sinhala Padagathartha Sahitha Dalada Pujawaliya
දළදා වහන්සේගේ සම්පූර්ණ ඉතිහාසයත් විවිධ පූජා හා ප‍්‍රාතිහාර්යන් සම්බන්ධවත් කරුණු සදහන් මෙය කුඩා නමුත් ඓතිහාසික වශයෙන්, ආගමික වශයෙන් හා සාහිත්‍යමය වශයෙන් වටිනා ග‍්‍රන්ථයකි. 
Rs 150.00
Out-of-Stock
Dhathuwanshaya
Out-of-Stock
කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උයනෙහි දී බෙදීගිය ධාතූන්ගෙන් බුදුරජාණන් වහන්සේලාගේ ලලාට ධාතූන් වහන්සේ පිළිබඳ කතා ප‍්‍රවෘත්තිය මෙයට ඇතුළත් වේ. කාවන්තිස්ස රජතුමා මාගම ගැමුණු කුමරුට භාර දී සේරු නුවරට යාම, එහිදී රජවරු කිහිප දෙනෙකුගේ සහභාගීත්වය ලබා මංගල මහා සෑය ඉදිකරවා ධාතූන් වහන්සේ තැන්පත් කිරීම මෙහි ස`දහන් වේ. මේ නිසා බෞද්ධයන් විසින් කියවනු ලැබිය යුතු ඓතිහාසික මෙන් ම බෞද්ධ ග‍්‍රන්ථයකි. 
Sinhala Bodhi Wanshaya
සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී  විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි.
Rs 975.00
Out-of-Stock
Sri Maha Bodhin Wahanse Ithihasaya Ha Thadanubaddha Sanscruthiya
Out-of-Stock
ශ්‍රී මහා බෝධීන් වහනසේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය - බෝධි සංකල්පයත් ශාරීරික,පාරිභෝගික,උද්දේශික ධාතු සංකල්පයත් බෝධි ආගමනයත් ඒ ඒ යුගවලදී බෝධිය රජය සමග සම්බන්ධ වූ අයුරුත් විශේෂ විග්‍රහයකට යොමු කරන්නෙකි මෙම කෘතිය.
Perahara Wanshaya
පෙරහැර වංශය - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු  මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි. 
Rs 3,500.00
Tales From Kosambi
Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism.
Rs 150.00
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය -  රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි. 
Rs 450.00
The Western Contribution to Buddhism
This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading   for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today. 
Rs 950.00
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 350.00
Buddhism In East Asia
Buddhism In East Asia - Book Summary of Buddhism In East Asia An Outline Of Buddhism In The History And Culture Of The Peoples Of East Asia Buddhism in East Asia does not pretend to be the outcome of "fundamental research". Its main purpose is to collate, arrange and evaluate facts which specialists in the field have brought to light-and in such a way as to hold the general reader. There is little of critical apparatus and scholarly dissertation to confound him. In lively fashion, and with well-chosen illustrations to support his interest, the book takes him through a fascinating journey in time and space, through Ceylon, Burma, Siam, Cambodia, Vietnam, China, Chinese Turkestan, Japan and Tibet; it appraises the role and place of Buddhism in the different stages of their evolution in a broad and colorful sweep.
Rs 4,850.00
Buddhism in Germany
This book written by the veteran journalist William peiris traces the inception  of Buddhism in the West taking place in Germany and its history and development therein culminating in the modern Buddhist scholarship. The pioneering roles played by all the German Buddhist scholars in the propagation of Buddhism find a place within these pages. 
Rs 380.00
Bauddha Sanskruthika Kollaya
බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 
Rs 900.00