Buddhist & Other Story

Ithihasaya Kelabu Pem Katha
ඉතිහාසය කැලඹු  පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි.
Rs 380.00
Amida Asapuwe Theraniya Saha Thawath Katha
අමිද අසපුවේ තෙරණිය සහ තවත් කතා - මෙම කෙටි කතා සංග්‍රහය පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කර ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම සිංහල පාඨකයා වෙත සමීප කරවීමට පරිවර්තකයා සමත්ව තිබීම මෙහි විශිෂ්ට ලක්ෂණයකි. 
Rs 330.00
Sagavunu Sasara Saradam
සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය.
Rs 50.00
Katha Ahura
කතා අහුර - ගැමි ජීවිතය හා ගැමි චරිතාංඟ තුළ ඇති ලක්‍ෂණයන් යතාර්ථවාදී බවින් යුතුව පාඨක ඔබ වෙත ගෙන ඒමෙහිලා ලියැවුණු සාර්ථක කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි පරිදි සරළ ගැමි බස් වහර යොදා ගනිමින් ලියැවුණකි. 
Rs 550.00
Ashcharyaya
ආශ්චර්ය්‍යය - මෙයින් බෞද්ධ සාරධර්ම පිළිබඳ යම් පණිවුඩයක් දෙන අතර ම, රසය වර්ධනය කිරීම මගින් පාඨකයාට නැවුම් වින්දනයක් දීමට කර්තෘ ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.
Rs 200.00
Nil Pehe Baraniya - Wideshiya Keti Katha Sangrahaya
නිල් පැහැ බරණිය - විදේශීය කෙටිකතා සංග්‍රහය - 'ජීවිතාවබෝධයක් ලබා දීම සාහිත්‍යයේ කාර්යය බව සාහිත්‍ය පිළිබඳ කෙරෙන කතාවල දී නිතර කියවෙයි. යම් කිසි ජීවිතාවබෝධයක් ලේඛකයාට පමණක් නොව පාඨකයාට ද ඇත. සාහිත්‍යයෙන් සිදුවන්නේ ඒ අවබෝධය වඩා තියුණු කිරීම යි. පාඨකයාගේ අවධානයට ලක් නොවූ දෙයට ආලෝක ධාරාවක් එල්ල කිරීම යි. කෙටි කතාව ඉතා තියුණු සාහිත්‍යාංගයකි. එඩිගාර් ඇලන් පෝ කී පරිදි එක් ධාරණාවක් හුවා දැක්වීම නිසා එම තියුණු බව ඇති වෙයි. මේ අනුව කෙටි කතාව කවියකට සමාන වෙයි. සාහිත්‍යයෙන් ලබා ගත හැකි වින්දනය උදෙසා ම එය කියවන්න යැයි අරිනස්ට් හෙමිංග්වේ පවසා ඇත.' 
Rs 200.00
Nihada Pasala
නිහඬ පාසල - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඛන්තිපාලෝ භික්ෂුව විසින් රචිත Buddha Bush නම් පොතෙහි එන ලස්සන, ගැඹුරු අදහස් බොහෝ දෙනෙකුට වැටහීම පිණිස, හැම පරිච්ඡෙදයක් සඳහා ම අදහස් දැක්වීමක් කළොත් සුදුසුයි කියා මට තේරුණ නිසා, මෙවර 'නිහඬ පාසල' නම් මේ කුඩා කෘතිය රචනා කළෙමි.  
Rs 250.00
Sen Ha Sen Katha
සෙන් හා සෙන් කතා 
Rs 150.00
Kale Gahak
 ''A Tree In A Forest'' නම් වූ ඉංග‍්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක් වන මෙය ධර්මය අවබෝධ කරවීම සදහා අචාන් චා හිමි යොදාගත් සරු උපමා පාඨ 183 කින් සමන්විතය. 
Rs 180.00
Saru Sara Jeevithayakata Bosath Upama Katha - 2
සරුසාර ජීවිතයකට බෝසත් උපමා කතා - 2 - ජීවිතය නිවැරදි මාවතකට යොමු කෙරෙන ආදර්ශමත් කතා ඇතුළත් ග්‍රන්ථයක් වන පන්සිය පනස් ජාතක පොතෙන් තෝරා ගත් කතා සරල බසින් රචනා කිරීමට මෙහි කතෘ හලලියේ කරුණාතිලක මහතා සමත්ව ඇති ආකාරය ප්‍රශංසනීය ය. මෙම කෘතිය ජාතක කතා 25ක එකතුවකි.
Rs 250.00
Devlovata Maga Kiyana Kathandara
පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද  පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි..
Rs 270.00
A Treasury of Buddhist Stories
This book comprises Buddhist stories which have been selected from the old commentary to the Dhammapada. This anthology of fifty-six stories represents only a small part of the very large original work, which in its complete translation fills three large volumes.
Rs 275.00
Me Jivithayedema Paladena Karmaya
මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.
Rs 450.00
Out-of-Stock
Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati
Out-of-Stock
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Karma Wipakaya Katha Magin
හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි. 
Rs 150.00
Vishnu Sharmange Pancha Thanthraya
පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 1,500.00
Thailantha Ramayanaya Saha Wenath Janakatha
තායිලන්ත රාමායණය සහ වෙනත් ජනකතා - මෙහි දක්වා ඇති අනිකුත් තායි ජනකතා ද එරට ජනයා අතර විශේෂයෙන් ම දරුවන් අතර ඉතා ප්‍රියතම නිර්මාණ වේ. එම නිර්මාණ වලට අයත් බොහෝ කතා ප්‍රවෘත්ති හින්දු දේව කතාවලට හා බෞද්ධ ජාතක කතාවලට බෙහෙවින් ම සමාන ය. එහෙයින් අපේ පාඨක ප්‍රජාවට විශේෂයෙන් ම අපේ දරුවන්ට ඒවා කියවා රස විඳීමට අපහසු නොවේ.
Rs 140.00
Rasa Bana Katha
රස බණ කථා -  පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය.
Rs 300.00
Budu Sirithin Thavath Katha
බුදු සිරිතින් තවත් කතා - යොවුන් දරුවන්ගේ ආකල්ප වර්ධනයට, කල්පනය විකසිත කිරීමට මෙන්ම ඔවුන්ගේ වින්දන කුසලතාව උදෙස මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 220.00
Thirisan Kulaye Upanath Bosath
තිරිසන් කුලයේ උපනත් බෝසත් - මෙම ග්‍රන්ථයට තෝරාගෙන ඇත්තෙ "පන්සිය පනස් ජාතක කථා" පොතේ එන කථා කීපයකි. ඒවා ඒ ආකාරයෙන් නොගත්තෙමි. සරලව ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමකි.
Rs 200.00