Philosophy

Budun Wadala Dharmaya
 බුදුන් වදාළ ධර්මය - ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
Rs 650.00
Budu Dahame Mulika Iganveem
බුදු දහමේ මූලික ඉගැන්වීම් - බෞද්ධයකු වන්නේ කෙසේදැයි යන්නෙන් ආරම්භ කර පියවරින් පියවර ගැඹුරට යමින් ත්‍රිලක්ෂණය, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය ආදී වසයෙන් ගැඹුරු ධර්ම කරුණු ද සරලව පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර තිබේ.
Rs 450.00
Budu Dahama Agamatath Vidyawatath Sama Visama Wana Ayuru
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු - කර්මය, පුනර්භවය, සංසාරය, විඥාණය, නිර්වාණය ආදී ප‍්‍රස්තුත ලොව කවර කලෙකත් විවාදිත සංකල්පයෝය.  මේවා පිළිබඳ යම් හෝ සාධාරණ මතවාදයකට පැමිණීමට නම් ඒවා විද්‍යාව හා සැසඳීම විය යුතුය යනු අතිබහුතරයකගේ මතයයි. එම කරුණු හා බුදු දහමේ ඉගැන්වෙන මූලික දර්ශනයන් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡුාවට බªන් කළ ග‍්‍රන්ථයකි.  බුදුරජාණන්වහන්සේ පිළිබඳවත් සතර සතිපට්ඨානය වැඞීම සම්බන්ධවත් ලියැවී ඇති කෙටි විවරණයකින් ග‍්‍රන්ථය අලංකාර වී ඇත. 
Rs 700.00
Mul Budu Dahame Sita Vajrayanaya Dakva Sarala Hadinvemak
මුල් බුදු දහමේ සිට වජ්‍රයානය දක්වා සරල හැඳින්වීමක් - මුල් බුදු දහම යනු කුමක්ද , නිකාය භේදයේ පසුබිම කෙසේද  , අභිධර්මයේ ආරම්භය හා වර්ධනය , නිකාය භේදයේ ප්‍රවර්ධනය , පුද්ගලවාදය , සර්වාස්තිවාද ගුරුකුලය , මහායාන බුදුදහම , මාධ්‍යමික දර්ශනය , යෝගාචාර ගුරුකුලය , වජ්‍රායාන බුදු දහම දක්වා වූ කාලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක්  මෙම ග්‍රන්ථයෙහි සදහන් වේ.
Rs 230.00
Sanskara Wishleshanaya
සංස්කාර විශ්ලේෂණය - සංස්කාර විශ්ලේෂණය නම් ග්‍රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්‍රහ කර ඇත..
Rs 300.00
Budu Dahame Sakkaya Dittiya Hewath Mama Handuna Genima
මම කියා සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතැයි දක්වන මතවාදය මහායානය හරහා පැමිණි සංකල්පයක් බවත් මම යන්නෙහි බුද්ධ දේශිත සංකල්පීය සත්‍යතාව ප‍්‍රබුද්ධ ජනයා අතරට සාධනීයව ගෙනයාමට ගත් සාර්ථක ව්‍යායාමයකි. 
Rs 230.00
Agamak Washayen Bududahame Visheshathwaya
ආගමක් වශයෙන් බුදුදහමේ විශේෂත්වය - ආගම හා බුදු දහම අතර වෙනස ජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි කරුණු පැහැදැලිව අවබෝධ කර ගැනීමෙන් පිළිගත යුතු බවට ඉගැන්වෙන සදාචාරධර්ම, ජීවිතයේ යහ පැවැත්මට යොදාගත යුතු ආකාරය ගැන අතිපූජ්‍ය ආචාර්ය, කේ. ශ්‍රී. ධම්මානන්ද මාහිමිපාණන් විසින් මෙම කෘතිය මඟින් සවිස්තරව පැහැදිලි කර තිබීම අතිශයින් අගය කළ යුතු ය.
Rs 180.00
Welcome to Buddhism
Welcome to Buddhism - Welcome to Buddhism was written not only as an attempt to satisfy that need but also for the benefit of thinking people who wished to learn about this great philosophy. 
Rs 470.00
Arya Ashtangika Margaya Hewath Madyama Prathipadawa
ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව - මෙම කුඩා ධර්ම සංග්‍රහයෙන් නාහිමිපාණන් විසින් ඉතා සරලව හා සවිස්තරව චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබදව ඉදිරිපත් කර ඇත.
Rs 180.00
Asirimath Bududahama
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද,  කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Rs 200.00
Gihi Anugamikayanata Budu Dahama
ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.
Rs 180.00
Hethupala Dharma Wivaranaya
හේතුඵල ධර්ම විවරණය - ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි. පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.
Rs 350.00
Pancha Maha Wadaya
පංච මහා වාද - 19 සියවසේදී වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ක්‍රිස්තියානි පාදිලිවරුන් සමග මුහුණට මුහුණලා කෙරුණු වාද පංචකයි.ගුණානන්ද හිමියන් එදා මිෂනාරීන්ට දුන් පිලිතුරු අදට ගැලපේ.ලංකා ඉතිහාසයේ දෙපිරිසක් විසින් මුහුණට මුහුණලා කළ වාචික වාදය මෙයයි.ලංකා නිදහස් සටනට අත්තිවාරම වැටුනේද මෙම වාදවලිනි.
Rs 700.00
Bauddha Sabyathwaye Alokaya
බෞද්ධ සභ්‍යත්වයේ ආලෝකය - විචාර පූර්වක චින්තනය පෙරදැරි කොට ගෙන ලියූ සාරවත් නිබන්ධන කිහිපයක් මේ පොතේ ඇතුළත් වෙයි.මෙම පොත බෞද්ධ සභ්‍යත්වය පිළිබදව සාමාන්‍යයෙන් ලියැවෙන පොත්වලට වෙනස් වෙයි. 
Rs 290.00
Out-of-Stock
Piyawi Sihiya Ha The Panaya
Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.
Bharatheeya Darshana
භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්‍රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ..
Rs 450.00
A Sourcebook Of Early Buddhist Philosophy
This extremely valuable compilation, David J. Kalupahana Emeritus Professor Of Philosophy, University of Hawaii, provides English translation of some of the key texts of Early Buddhism.
Rs 1,380.00
A Sourcebook On Later Buddhist Philosophy
In This extremely valuable compilation, which in a sequel to his source book of early Buddhism the author David J. Kalupahana Emeritus Professor of Philosophy, University of Hawaii, Provides English translation of some of the key authors of classical Indian Buddhism.
Rs 1,500.00
A Sourcebook On Later Buddhist Philosophy
A Sourcebook On Later Buddhist Philosophy - What aspect of early Buddhism you want to know?  Here it is-an incomparable sourcebook on early Buddhist philosophy.... 
Rs 1,250.00
Bauddha Sadacharaye Muladarma
බෞද්ධ සදාචාරයේ මුලධර්ම - බුදු දහම බොදු හැදියාව පිළිබඳ නොයෙක් පොත් පලව ඇත. ඒ හැම එකකම පාහේ සිල් රැකීම, භාවනා කිරීම, දැන් දීම, කාර්ම විපාක, බෝධ්පාක්ෂික ධර්ම යන ආදී එකම මාදිලියේ මාතෘකා විස්තර කර ඇත. එහෙත් මෙම ග්‍රන්ථය එම මාතෘකා වලින් ඔබ්බට ගොස්  බෞද්ධ සදාචාරයේ අක්මුල් පිළිබඳව පැහැදිලි කොට ඇත..
Rs 190.00
Minis Gatalu Pilibanda Bauddha WigrahayaMinis Gatalu Pilibanda Bauddha Wigrahaya
මිනිස් ගැටළු පිළිබඳ බෞද්ධ විග‍්‍රහය (Human Problems in a Buddhist Perspective) - 1979 වර්ෂයෙහි විවිධ විෂයයන් යටතෙහි හොදම කෘතිය ලෙස රාජ්‍ය සම්මාන දිනාගත් මෙම කෘතිය, එදා මෙදාතුර ගිහි - පැවිදි බෞද්ධ විද්‍යාර්ථීන්ගේ හස්තසාර වස්තුවක් බවට පත්ව ඇත.
Rs 600.00
Dilidukama Pilibanda Bauddha Mathaya
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 130.00
Bauddha Darshanaya Saha Charanaya
බෙෳද්ධ දර්ශනය සහ චරණය - බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්‍රජාව තුළ නිරාවද්‍ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්‍රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි.
Rs 375.00
Maranaya Pilibada Bauddha Chinthanaya
මරණය පිළිබද බෞද්ධ චින්තනය - අපි සියල්ලෝම මරණයට පත්වෙති.මේ ලොව කිසිදු දෙයක් ස්ථීර නැත.මරණය පිළිබද බෞද්ධ චින්තනය හා සදාචාරය පිළිබදව ශාස්නීය එළඹුමකින් යුතුව මෙතෙක් සිංහල භාෂානේ එකදු කෘතියක් ලියවී නොමැත.මරණය පිළිබදව ගැඹුරින් අධ්‍යනය කිරීමටත් සිතා බැලීමටත් පොළඹ වන කෘතියක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 450.00