Vinaya – Discipline

-5%Out-of-Stock
Bhikshu Deshapalanaya Samaga Apa Kohi Yanne
Out-of-Stock
භික්ෂු දේශපාලනය සමඟ අප කොහි යන්නේ - මෑත කලක සිට භික්ෂු දේශපාලනය ඇතුළු කරුණු කිහිපයක් පදනම්ව ශාසනයට මහත් විපතක් සිදු වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා මෙම ග්‍රන්ථය මේ අයුරින් ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. කිසිදු අන්‍ය ආගමික බලවේගයකින් බුදු දහම විනාශ නොවන බවත් යකඩයේ බැඳෙන මළකඩ වලින් යකඩය විනාශ වන්නා සේ ශාසනය තුළින් ඇති වන්නා වූ පිරිහීම් හේතු කොට ගෙන ශාසනය විනාශ වන බව බුදුරජාණන් වහන්සේ දේශණා කර ඇත. එසේ හෙයින් මෙම කෘතියේ අඩංගු කරුණු සියල්ල ශාසනයේ අභිවෘද්ධියටත් ඒ හරහා මානව වර්ගයාගේ අභිවෘද්ධියටත් පිටුවහලක් වේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව ඉදිරිපත් කළ බව සඳහන් කරනු කැමැත්තෙමි. 
Rs 209.00
Rs 220.00
-5%Out-of-Stock
Sikavalada Pradeepaya
Out-of-Stock
සිඛවළඳ ප්‍රදීපය - කථිකාචාර්‍ය කුමාරසිංහ දිසානායක විසින් සංශෝධනය කොට ඇති "සිඛවළඳ ප්‍රදීපය", සිඛවළඳ නම් නව වන හෝ දස වන හෝ සියවසට අයත් සිංහල විනය කෘතියේ අර්ථසර්වප්‍රකාරයෙන් වටහා ගැනීමට අදාළ අර්ථ විවරණ හා ඒ හා සබැඳි මූලික මූලාශ්‍රය ද පෙළ ගස්වා ලීමට ගත් ප්‍රයන්තයකි. කුමාරසිංහ මෙහිදී සිඛවළඳේ එක් එක් විනය නීතිය දක්වා එහි වචන හා නිරුක්ති සහිත අරුත් දෙයි. ඒ සමඟම මූලසික්ඛා හෙවත් මුල්සිඛ හෝ මුන්සිඛ නම් පාලි කෘතියේ අදාළ ගාථාව ද උපුටා ඊට අදාළ මූලසික්ඛා ටීකා පාඨය ද දෙයි. බොහෝ විට පාටිමොක්ඛ හෙවත් ප්‍රාතිමෝක්ෂ නම් බුද්ධභාෂිත මූල විනය පාඨය ද දෙයි.
මෙහි උපග්‍රන්ථයක් වශයෙන් පළ කෙරෙන මුල්සිඛ සන්තනී ගැටපදය සිඛවළඳ සඳහා සම්පාදනය වූ ග්‍රන්ථිපදයකි. මෙතෙක් ශාස්ත්‍රකාමීන් ඇස නොගැටුණු මේ ග්‍රන්ථය පළමු වරට විද්වත් ලෝකයා අතට පත් වන්නේ කුමාරසිංහ මහතාගේ උත්සාහය හේතුවෙන් බවත් සඳහන් කළ යුතු ය.
Rs 427.50
Rs 450.00
-5%
Theravada Samanera Bana Daham Potha
 ථෙරවාදී සාමණේර බණදහම් පොත - ථෙරවාදී සාමණේර බණ දහම් පොත, පණ්ඩිත රංජිත් වනරත්න (බී.ඒ.) මහතා විසින් සම්පාදිත ථෙරවාදී සාමණේර බණ දහම් පොත කියවා බැලීමි. මෙයට පෙර මුද්‍රිතව ඇති සාමණේර බණදහම් පොත් හි හා හැම කරුණක්ම මෙහි ඇතුළත්ව ඇත. එයට වැඩි පුරත් ශාසන ඉතිහාස සරාංශය ද, කතිකාවතක් ද, ප්‍රත්‍යවෙක්ෂාර්ථ ද, සේඛියාවන්ගේ අර්ථ ද, පැවිදි කිරීමට නොසුදුස්සන් හැඳින්වීම ද, උපසම්පදාපෙක්ෂකයන් විසින් කටපාඩම් කරගත යුතු දෑ ද, පුණ්‍යානුමෝදනාවක්‍යයක් ද ඇතුළත් ව ඇත. එබැවින් මෙය බොහෝ සෙයින් අංග සම්පූර්ණ සාමණේර බණදහම් පොතකි. 
Rs 736.25
Rs 775.00
-5%
Bhikkshu Samajaya, Ehi Lankika Muhunuvara Ha Urumaya Saha Eyata Erehi Akramanika Balawegayanhi Nawa Prawanatha
භික්ෂු සමාජය, එහි ලාංකික ,මුහුණුවර හා උරුමය සහ එයට එරෙහි ආක්‍රමණික බලවේගයන්හි නව ප්‍රවණතා -  මෙම විමර්ශනාත්මක ග්‍රන්ථය මගින් භික්ෂු සමාජයේ ආරම්භක ලක්ෂණයන් ඔස්සේ මුහුණුවර බුදු රජුන් ජීවමාන සමයේම පරිපූර්ණත්වයට පත් වූ අයුරු හා ලංකාගමනයෙන් පසු එය ලාංකික මුහුණුවර ගනිමින් මෙරට තුළ ස්ථාපිත වූ අයුරු හා විවිධ ආක්‍රමණික බලවේග එයට එරෙහිව නැගී සිටි අයුරු විස්තර කෙරේ. එමෙන්ම අද දවස වන විට ඒ සියලු ආක්‍රමණික බලවේග නව මුහුණුවර ගන්වමින් හා උපක්‍රමශීලී ලෙසින් සිය ආක්‍රමණික ක්‍රියාදාමය අඛණ්ඩව ක්‍රියාවට නංවමින් සිටින අයුරු ද පෙන්වා දෙයි. 
Rs 427.50
Rs 450.00
-5%Out-of-Stock
Mulsikha
Out-of-Stock
Mulsikha - Professor Risiman Amarasinghe intimated to us his yearing desire to write a Thesis on the "Mulsikha" or Monkish discipline in English. We are quite aware of his thorough knowledge of Sinhala and Pali. It is indeed profound. Hence we encouraged him further. Yet we entertained doubts in our mind whether he possessed the Buddhist Doctrine and that too on an abstruse text related to the discipline of the Buddhist clergy.
We are aware that he is a non-Buddhist ; in fact a Roman Catholic by persuasion but amazingly his research induce us to reject such a view. Until now scholars considered the name of this text as “Sikhavalanda”. Prof. Amarasinghe terms it “Mulsikha”. He employs his logical perception to reach such a conclusion.
This research not only displays Prof. Amarasinghe’s sound knowledge in linguistics but also his etymological erudition. Further he has based his research approach on Munidasa Kumarathunga’s analytical research and editing system.
In sri Lankan literature a research work on this book has not so far been produced. Hence it is with great pleasure that I introduce this scholarly work to the reader.
Rs 522.50
Rs 550.00
-5%
Mahanakama 01
මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Rs 180.50
Rs 190.00
-5%Out-of-Stock
Mahanakama 02
Out-of-Stock
මහණකම 02 - සිරි සම්බුදු සසුන මහණකම 1 සැපයුනේ බොහෝ සෙයින් පැවිද්ද පිළිබඳව දැනුමක් ඇතිකර ගැනීම හා විශේෂයෙන් සාමණේර භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා බැව් දන්වමි. එහි දෙවැන්න වන මෙය උපසම්පදාපෙක්ෂකයන්ට මෙන්ම අධිශීලය - උපසම්පදාව ලත් ස්ථවිරයන් වහන්සේගේ ප්‍රව්‍රජ්‍යාව සාර්ථක කර ගැනීමට උපකාර වන කාරණාවන්ගෙන් යුක්ත කිරීමට වෑයම් කළෙමි.
Rs 190.00
Rs 200.00
-5%
Mahanakama 03
මහණකම 03
Rs 403.75
Rs 425.00
-5%
Sambhavya Bhikshu Adhyapanaya Ha Adhyapana Neethi
සම්භාව්‍ය භික්ෂු අධ්‍යාපනය හා අධ්‍යාපන නීති - මෙරට අධ්‍යාපනය පිළිබඳ සංක්ෂිප්ත, එහෙත් අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත ඉදිරිපත් කිරීමක් මෙම කෘතියෙන් අරමුණු කෙරේ. හෙළ අටුවා යුගයේ සිට පාළි අටුවා කරණයෙන් අනතුරුව ටීකා හා ප්‍රකරණ බිහි වූ කාල වකවානුවල මහ සඟ රුවනේ අධ්‍යාපනය හා විශය පරිපාටිය ගැන මූලික ක්‍රම විධි ගෙන හැර දැක්වීමට යම් ප්‍රයන්තයක් දරා ඇත.
Rs 190.00
Rs 200.00
-5%Out-of-Stock
Purathana Sri Lankeyya Sanga Sanvidanaya Saha Ehi Wiyuhathmaka Padanama
Out-of-Stock
පුරාතන ශ්‍රී ලාංකේය සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම - ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර ඇසුරෙන් කරුණු විමසා බලමින් මුල් කාලීනව සංඝ සමාජය මුහුණ දෙන ගැටලු හා ඒවා නිරාකරණය පිණිස ගත් ක්‍රියා මාර්ග කවරේ ද යන්න වඩාත් ඉස්මතු කිරීමට, පරිච්ඡේද එකොළහක් යටතේ රචිත මෙම කෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේ මූලික අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජ හා එහි විකාශනය පිළිබඳවය.
Rs 285.00
Rs 300.00
-5%Out-of-Stock
Sanghadhikarana Lekana Samuchchaya
Out-of-Stock
සංඝාධිකරණ ලේඛණ සමුච්චය - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන ආයති භික්ෂු පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අධිකරණ ලේඛකාධිකාරි විනයාචාර්‍ය, ශාස්ත්‍රපති පූජ්‍යතර දෙපානම සුගතබන්ධු මහා සිථවිරයන් වහන්සේ විසින් සකස් කරන ලද සංඝාධිකරණ ලේඛන සමුච්චය අතිශයින් ම අගය කළ යුතු ග්‍රන්ථයකි. පැරණි වියත් මහ තෙරවරුන්ගේ අප්‍රකට දුර්ලභ ලේඛන මෙහි අන්තර්ගත වෙයි. සංඝාධිකරණ විෂය අරබයා ලියවුණු සිංහල පත පොත දුර්ලභය. එම අඩු පාඩුව මේ ලේඛන සමිච්චයෙන් බොහෝ දුරට සම්පූර්ණ වෙයි. භික්ෂූන්ට පමණක් නොව, නීති වෘත්තිකයන්ට ද මෙය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
Rs 261.25
Rs 275.00
-5%Out-of-Stock
Sri Lankave Bhikshuni Parshadaya Pilibada Wimarshanayak
Out-of-Stock
ශ්‍රී ලංකාවේ භික්ෂුණි පර්ෂදය පිළිබඳ විමර්ශනයක් - ත්‍රිපිටකය ප්‍රධාන මූලාශ්‍ර කරගනිමින් අදාල වංශ කථා හා අටුවා උප මූලාශ්‍ර කර ගනිමින් මෙම ග්‍රන්ථයෙන් අප විසින් සාකච්ඡා කරනුයේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවේ ආරම්භව ක්‍රියාත්මක වෙමින් පවතින භික්ෂුණී පර්ෂදය හා තදනුබද්ධ වූ ධර්ම විනයානුකූල විමර්ශනාත්මක විග්‍රහයකි. භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය ව්‍යවහාරය ශාස්ත්‍රීය නොවන බව අපගේ පිළිගැනීමයි. උපාසක ශාසනය, උපාසිකා ශාසනය යනුවෙන් ව්‍යවහාරයක් නැත. ඇත්තේ බුද්ධ ශාසනය පමණි. 'පරිසා' යන පාලි වචනයට අනුරූප 'පර්ෂද' යන සංස්කෘත පදය වඩාත් සුදුසු යැයි පෙනී යන බැවින් එය මෙහි යොදා ඇත. ත්‍රිපිටක මූලාශ්‍ර වල උධෘත 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා' ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.
Rs 332.50
Rs 350.00
-5%
Shikshanaya Ha Wimukthiya
ශික්‍ෂණය හා විමුක්තිය - මෙම ග්‍රන්ථයේ කර්තෘ ජෝන් ක්ලුෆර්ඩ් හෝල්ට් ශ්‍රී ලංකාවේ බුදු දහම, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව දිගුකලක සිට පර්‍යේෂණයන්හි නියැළී සිටින ඇමරිකානු මහාචාර්‍යවරයෙකි. මේ පරිවර්තනය යොදාගනු ලැබූ DISCIPLINE නම් ග්‍රන්ථය ඔහුගේ ප්‍රථම ශාස්ත්‍රීය නිබන්ධනයයි. මෙය විනය පිටකය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. මුල් බුදු දහමේ සාරය හා විමුක්ති මාර්ගය විනය පිටකයේ ගැබ්වන ආකාරය මෙහි විමසීමට ලක්වෙයි.
Rs 237.50
Rs 250.00
-5%
Dabadeni Kathikawatha Saha Bhikshu Samajaya
දඔදෙනි කතිකාවත සහ භික්ෂු සමාජය - පරිච්ඡේද පහකින් සමන්විත මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය කතිකාවත් හා ලංකාවේ මධ්‍යකාලීන සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් විද්වත් පාඨකයාට සමීප කරවයි. 
Rs 218.50
Rs 230.00
-5%Out-of-Stock
Polonnaru Ha Dabadeni Kathikavath
Out-of-Stock
පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් - පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් ඇසුරින් මධ්‍යකාලීන ලාංකික භික්ෂු සමාජය පිළිබඳව කෙරෙන ඓතිහාසික හා සමාජවිද්‍යාත්මක අධ්‍යනයක් වන මෙම ග්‍රන්ථය පූජ්‍ය මහාචාර්‍ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමිපාණන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද පර්‍යේෂණ කෘතියයි.
Rs 427.50
Rs 450.00
-5%
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Rs 118.75
Rs 125.00
-5%
Kudusika Wivaranaya
කුදුසික විවරණය - කුදුසික විවරණය ලිවීමෙන් වැලිගම ඤාණරතන නායක ස්ථවිරයන් විසින් කරන ලද ශාසනෝපකාරී මහඟු සේවය එදා මිහිඳු මාහිමියන් පළකළ අදහස සුස්ථිර කිරීමකි. උගතුන් වූ පමණට හැම දෙනා ම ලේඛකයෝ නොවෙත්. ලේඛකයන් පමණට ම පාණ්ඩිත්‍යය ඌන වූ අය සිටිති. කුදුසික විවරණය කියවීමේ දී ග්‍රන්ථකරණයෙන් ලේඛනයෙන් පාණ්ඩිත්‍යයෙන් අංග සම්පූර්ණ විද්වතෙකු අප හමුවෙහි විද්‍යාමාන වේ. 
Rs 617.50
Rs 650.00
-5%
Buddhist Nuns
Buddhist Nuns - In this book Dr. Wijayaratna explains how this community was started by the Buddha in the 5th century BCE, and how it developed gradually. To show the motivation and the way of life of these ordained women, the author uses the oldest texts of the Pali canon. Several chapters of this book discuss the position of Buddhist nuns in the field of the three famous monastic themes: poverty, chastity and obedience. 
Rs 285.00
Rs 300.00
-5%
Bauddha Pavidisi Nithiya
බෞද්ධ පැවිදිසි නීතිය - බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් නොමැති බව වටහා ගත් මහාචාර්ය මාරසිංහ මහතා එම අඩුව පිරවීමට, මුල් කෘතියේ අඩංගු බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳ පරිච්ඡේද සතර දීප්ත හොරගොඩගේ සහයෙන් විධිමත් ලෙස පරිවර්තන කොට මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.
Rs 1,330.00
Rs 1,400.00