Best sellers

Prathimoksha Wivaranaya
ප්‍රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප්‍රමුඛ හෝ ප්‍රධාන ශීලය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීල ශ්‍රද්ධා සාධකය ශ්‍රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්‍රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
Rs 1,300.00
Chiranthana Gadya Sangrahaya
චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත.
Rs 110.00
Sanskrutha Patamala 03
සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Rs 570.00
Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 360.00
Pali Rachana 1
පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය. 
Rs 500.00
THE WORD OF THE BUDDHA
THE WORD OF THE BUDDHA - This superb little work by the eminent German scholar-monk is probably the best compact sourcebook in English on the Buddha’s basic teachings, all expounded in his own words. Translated into a dozen languages, it is now in its 16th English edition, yet still reads as fresh, clear, and vigorous as if it were just written.
Rs 200.00
Sathyodaya
 සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග‍්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි. 
Rs 450.00
Budun Wahanse Saha Unwahansege Daham Paniwudaya Eda, Ada Saha Heta
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රථම වරට වෙසක් දිනය සැමරීම සදහා වර්ෂ 2000 මැයි මස 15 වන දින පවත්වන ලද උත්සවයේදී, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතියේ සභාපති පූජ්‍ය බෝධි හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මෙම පොතෙහි ඇතුළත් වේ.
Rs 60.00
vindanaya Gana Menehi Kirima
Contemplation Of Feeling   නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ත‍්‍රිපිටකයෙහි සංයුත්ත නිකායේ ‘‘වේදනා සංයුත්ත’’ නම් වින්දනය පිළිබදව වූ සූත‍්‍ර කාණ්ඩය ඇසුරු කොටගෙන සිත දුක්ඛයෙන් විමුක්තිය ලැබීම සදහා වින්දනයන් මෙනෙහි කිරීමේ අභිප‍්‍රාය සවිස්තරාත්මකව සරල බසින් ඉදිරිපත් කර ඇත. 
Rs 70.00
chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි. 
Rs 440.00
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. 
Rs 110.00
Piruwana Poth Wahanse
පිරුවනා පොත් වහන්සේ - ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය තුල සජ්ජායනයටත් මහළු වියපත් උපාසක උපාසිකා පරිහරණය උදෙසා විශාල අකුරින් සම්පාදිතයි.භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ ආරක්ෂක දේශනා " පරිත්‍රාණ  පිරිත් " යයි කියනු ලැබේ.
Rs 3,550.00
Sinhala Anguththara Nikaya - 2
සිංහල අඞගුත්තර නිකාය 2  - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 1,050.00
Sinhala Anguththara Nikaya -1
සිංහල අඞගුත්තර නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,420.00
Jeevithayata Nava Aruthak- Dainika Pin Potha
ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්‍යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 530.00
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින්  බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්,  මෙම ග්‍රන්ථය තුළින්  ලද හැකි උපකාරය අප්‍රමාණය. 
Rs 250.00
Abhidharmartha Pradeepika - 01
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 3,350.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 620.00
The Buddhist Way Of Life (For Grade 10 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 700.00
Sathipatthana Deshana
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 200.00
Abhidarmachandrikawa
ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
Rs 2,100.00
Katha waththu 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 1  කාණ්ඩය වේ . 
Rs 1,700.00