Best sellers

Sanskrutha Baladarshapatamala
සංස්කෘත බාලාදර්ශ පාඨමාලා - සංස්කෘත භාෂාව හදාරණ ආධුනිකයින් වෙනුවෙන් සම්පාදනය කරන ලද්දකි.
Rs 220.00
Palibhashawatharanaya 1 Potha
පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Rs 600.00
The Buddhist Way Of Life (For Grade 5 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 650.00
Palipatamanjari (Devana Bagaya)
පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත. 
Rs 290.00
Out-of-Stock
Palipatamanjari - Prathama Bhagaya
Out-of-Stock
පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත.  
Abhidharmaye Mulika Karunu
අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 430.00
Sinhala Deegha Nikaya
සිංහල දීඝ නිකාය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 1,300.00
Abhidharma Margaya
අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත.
Rs 700.00
Patichcha Samuppada Vivaranaya
පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍ම‍යෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්‍රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.
Rs 550.00
Uththareethara Brahmavihara Guna Sathara
''The Four Sublime States''  නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි. 
Rs 75.00
Jataka Tales Of the Buddha
Jataka Tales Of the Buddha - After the enlightenment under the Bodhi tree, The Gotama Buddha was able remember all this previous lives, during the forty five years the Buddha's taught. He referred to experiences in those earlier lives & told stories from them to illustrate various points of Dhamma & encourage His followers through these jataka tales.
Rs 2,500.00
Withakkasantana Suthraya
විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 80.00
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 100.00
Out-of-Stock
Maha Sathipattana Karmasthana Wivaranaya
Out-of-Stock
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම‌ දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. 
Rs 1,750.00
Sanskrutha Patamala 05
සංස්කෘත පාඨමාලා 05 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Rs 600.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,450.00
Sathimathbava Wadema
සතිමත් බව වැඩීම - භාවනාව ඉගෙනීම හා භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා භාවිතය සදහා යොදාගැනීම කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති සෑම දෙනාම විසින් “සතිමත්බව වැඩීම” අත්පොතක් ලෙස භාවිත කළ හැක. මෙය ''Mindfulness in Plain English''  නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 300.00
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 140.00
Nithi Patha Seth Pirith
නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා ‌මෙම පිරිත් දේශනා  භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි.
Rs 295.00
Budun Wahanse Wishvaya Pahadili Kala Akaraya
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය - බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්‍රන්ථයෙහි ඇතුලත් ය. අප ජීවත් වන මෙම පෘථිවි තලය සාමාන්‍ය මනසකින් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙම ග්‍රන්ථය ඒ සඳහා මෙම ග්‍රන්ථය මහොපකරී වනු ඇත. 
Rs 750.00
Buddha Kalina Bhikshuni Samajaya Maha Shravikavo
බුද්ධ කාලීන භික්ෂුණී සමාජය මහා ශ්‍රාවිකාවෝ - බුද්ධ කාලීන භික්ෂුණී ශාසනය ප්‍රභාමත් කළ ප්‍රධාන භික්ෂුනීන් වහන්සේලා හැත්තෑපස් නමකගේ ජීවන තොරතුරු ඇතුලත් රසවත් කෘතියකි..
Rs 250.00
Yasodava
යසෝදාව
Rs 500.00